ගීතාවලිය 9:13-20
ගීතාවලිය 9:13-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මට කරුණා කළ මැනව අහෝ ස්වාමින්වහන්ස, බලනු මැනවි! මට වෛර කරන්නන් මට පීඩා කරන හැටි! අහෝ! මරණයේ දොරටුවෙන් මා ගොඩට ඇදගත මැනවි. එවිට, සියොන් දියණියගේ දොරටු තුළ ඔබගේ ප්‍රශංසාව පවසන්නට මට හැකි වෙයි. ඔබගේ ගැලවීම ගැන සොම්නස් වන්නට ද හැකි වෙයි. ජාතීහු තමන් හෑරූ වළේ තුමූම ඇද වැටුණෝ ය. ඔවුන් රහසේ එළූ දැලට ඔවුන්ගේ ම පා අසු විණ. යුක්තියෙන් විනිශ්චය කිරීම මගින් ස්වාමින්වහන්සේ තමන් කවුරුන්දැයි පෙන්වා දෙන සේක. දුෂ්ට ජනයා තමන් ම ඇටවූ උගුල්වලට අසු වෙති. හිග්ගායොන් සෙලා දුෂ්ට ජනයා ෂෙයෝලයට පිටත් ව යන්නෝ ය; දෙවියන්වහන්සේ නො සලකා හරින සියලු ජාතීන්ගේ ඉරණම එයයි. එහෙත්, දුගී ජනයා හැම විට අමතක ව නො යේ; එම පීඩිතයින්ගේ බලාපොරොත්තුව කිසි දා සිඳ නො දැමේ. නැගී සිටිනු මැන, අහෝ ස්වාමින්වහන්ස, හුදු මිනිසාට ජය නුදුන මැනවි. ජාතීහු ඔබ අබියසදී විනිශ්චය කරනු ලබත්වා! අහෝ ස්වාමින්වහන්ස, ඔවුන් පිට භීතිය පැමිණෙවුව මැනවි. තමන් හුදු මිනිසුන් පමණක් වග ජාතීනට දැනගන්නට සැලසුව මැනව. සෙලා
ගීතාවලිය 9:13-20 Sinhala Revised Old Version (SROV)
මා විසින් ඔබගේ ප්‍රශංසා සියල්ල ප්‍රකාශකරන පිණිසද, සියොන් දුවගේ දොරටුවලදී ඔබගේ ගැළවීම කෙරෙහි ප්‍රීතිවන පිණිසද, ස්වාමිනි, මට කරුණාකළ මැනව; මරණ ද්වාරවලින් මා ඔසවන්නාවූ ඔබ, මට ද්වේෂකරන්නන්ගෙන් මා විඳින පීඩා බැලුව මැනව. ජාතීහු තමුන් හෑරූ වළේ කිඳාගොස් සිටිති. ඔවුන් රහසින් හෙළූ දැලට ඔවුන්ගේම පා අසුවී තිබේ. ස්වාමීන්වහන්සේ යුක්තිය ඉෂ්ටකොට තමන්ම දැක්වූසේක; දුෂ්ටයා තමා අතින් කළ ක්‍රියායෙහිම අසුවී සිටියි. දුෂ්ටයෝ, එසේය, දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියලු ජාතීහු ෂෙයෝලට හැරීයන්නාහුය. මක්නිසාද දුප්පතා නිතරම මතකනැති නොවන්නේය, දිළිඳුන්ගේ බලාපොරොත්තුව සදාකාලේටම විනාශ නොවන්නේය. ස්වාමිනි, නැගුටුණ මැනව; මනුෂ්‍යයා ජය නොගනීවා. ජාතීහු ඔබ ඉදිරියේ විනිශ්චයකරනු ලබත්වා. ස්වාමිනි, ඔවුන්ට භය පැමිණෙවුව මැනව, ජාතීහු තමුන් මනුෂ්‍යයන් පමණක් බව දැනගනිත්වා.
ගීතාවලිය 9:13-20 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මට කරුණා කළ මැනව. සතුරන්ගෙන් වූ මාගේ දැඩි දුක සලකාලුව මැනව. මරු මුවෙන් මා වෙන් කරගත මැනව. එවිට ඔබ මට දුන් සෙත් සිරි ගැන ජෙරුසලමේ සව් සත හට ජය තුති ගී පවසන්නෙමි. විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති. සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති. දුදනන්ගේ ඉරණම පාතාලය වේ; දෙවිඳුන් අමතක කරන ජාතීන්ටත් එසේ ම වේ. දිළිඳා හැම දා අමතක නොවනු ඇත. පීඩිත අයගේ පැතුමත් සදහට ම යටපත් නොවනු ඇත. වඩිනු මැනව සමිඳුනි, ඔබට එරෙහි ව නැඟිටින්නට මිනිසාට ඉඩ නුදුන මැනව. ජාතීහු ඔබ අබිමුව විනිශ්චය කරනු ලබත් වා! සමිඳුනි, ඔවුන් භීතියෙන් ඇලළී යන්නට සැලසුව මැනව. ජාතීන් මැරෙන සුලු අය පමණක් බව දැනගන්නට සැලසුව මැනව.
ගීතාවලිය 9:13-20 Sinhala New Revised Version 2018 (SNRV)

ගීතාවලිය 9:13-20 New International Version (NIV)
LORD, see how my enemies persecute me! Have mercy and lift me up from the gates of death, that I may declare your praises in the gates of Daughter Zion, and there rejoice in your salvation. The nations have fallen into the pit they have dug; their feet are caught in the net they have hidden. The LORD is known by his acts of justice; the wicked are ensnared by the work of their hands. The wicked go down to the realm of the dead, all the nations that forget God. But God will never forget the needy; the hope of the afflicted will never perish. Arise, LORD, do not let mortals triumph; let the nations be judged in your presence. Strike them with terror, LORD; let the nations know they are only mortal.