ගීතාවලිය 9:13-20

ගීතාවලිය 9:13-20 SNRV

සමිඳුනි, මට කරුණා කළ මැනව. සතුරන්ගෙන් වූ මාගේ දැඩි දුක සලකාලුව මැනව. මරු මුවෙන් මා වෙන් කරගත මැනව. එවිට ඔබ මට දුන් සෙත් සිරි ගැන ජෙරුසලමේ සව් සත හට ජය තුති ගී පවසන්නෙමි. විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති. සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති. දුදනන්ගේ ඉරණම පාතාලය වේ; දෙවිඳුන් අමතක කරන ජාතීන්ටත් එසේ ම වේ. දිළිඳා හැම දා අමතක නොවනු ඇත. පීඩිත අයගේ පැතුමත් සදහට ම යටපත් නොවනු ඇත. වඩිනු මැනව සමිඳුනි, ඔබට එරෙහි ව නැඟිටින්නට මිනිසාට ඉඩ නුදුන මැනව. ජාතීහු ඔබ අබිමුව විනිශ්චය කරනු ලබත් වා! සමිඳුනි, ඔවුන් භීතියෙන් ඇලළී යන්නට සැලසුව මැනව. ජාතීන් මැරෙන සුලු අය පමණක් බව දැනගන්නට සැලසුව මැනව.

මෙයට අදාළ වීඩියෝ

ගීතාවලිය 9:13-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය