ගීතාවලිය 86:5-7
ගීතාවලිය 86:5-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ කමා වන සේක; ඔබ යහපත් ය, අහෝ ස්වාමිනි, ඔබට අයදින සියල්ලන්ට ඔබගේ නොමියෙන ප්‍රේමය අපරිමිත ය. ඇසුව මැනවි මගේ යැදුම, අහෝ ස්වාමින්වහන්ස; දයාව අයදින මගේ හැඬුමට සවන් දුන මැනව. මගේ විපත්ති දවසේ මම ඔබට හඬ ගසන්නෙමි; මන්ද ඔබ මට පිහිට වන සේක.
ගීතාවලිය 86:5-7 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ස්වාමිනි, ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක, ඔබට යාච්ඤාකරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය. ස්වාමිනි, මාගේ යාච්ඤාවට කන්දුන මැනව; මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව. මාගේ විපත්ති දවසේදී ඔබට යාච්ඤා කරන්නෙමි; මක්නිසාද ඔබ මට උත්තරදෙනසේක.
ගීතාවලිය 86:5-7 Sinhala New Revised Version (NRSV)
මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්රදානය කරන සේක. සමිඳුනි, මාගේ අයැදුමට සවන් දුන මැනව. පිහිට පතමින් මා කරන අයැදුමට කන් දුන මැනව. විපත් කාලයේ දී මම ඔබට හඬගසන්නෙමි. ඔබ මට පිළිතුරු දෙන සේක.
ගීතාවලිය 86:5-7 Sinhala New Revised Version 2018 (SNRV)