ගීතාවලිය 85:7-9
ගීතාවලිය 85:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපට ඔබගේ නොමියෙන ප්‍රේමය දැක්වුව මැනවි අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ගැලවීම අපට දුන මැනව. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පවසන දේට මම සවන් දෙන්නෙමි; තම ජනයා වන විශ්වාසයීනට උන්වහන්සේ සාමය පොරොන්දු වූ සේක. ඔවුහු යළි අනුවණකමට හැරී නො යත්වා! උන්වහන්සේගේ මහිමය අප දේශයේ වාසය කරන පිණිස, උන්වහන්සේට භය පක්ෂපාතී අයට සැබවින් ම උන්වහන්සේගේ ගැලවීම ඉතා සමීප ය.
ගීතාවලිය 85:7-9 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබගේ කරුණාව අපට දැක්වුව මැනව, ඔබගේ ගැළවීම අපට දුන මැනව. දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක. නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා. තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භයවෙන්නන් සමීපයෙහිය.
ගීතාවලිය 85:7-9 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, ඔබේ තිර පෙම අපට පෙන්නුව මැනව. ගැළවීමේ පිහිට අපට ද දානය කළ මැනව. දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි, මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක. එතුමන් හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.
ගීතාවලිය 85:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳුනි, ඔබේ තිර පෙම අපට පෙන්නුව මැනව. ගැළවීමේ පිහිට අපට ද දානය කළ මැනව. දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි, මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක. එතුමාණෝ හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමාණන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.
ගීතාවලිය 85:7-9 New International Version (NIV)
Show us your unfailing love, LORD, and grant us your salvation. I will listen to what God the LORD says; he promises peace to his people, his faithful servants— but let them not turn to folly. Surely his salvation is near those who fear him, that his glory may dwell in our land.