ගීතාවලිය 85:7-9
ගීතාවලිය 85:7-9 SNRV
සමිඳුනි, ඔබේ තිර පෙම අපට පෙන්නුව මැනව. ගැළවීමේ පිහිට අපට ද දානය කළ මැනව. දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි, මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක. එතුමාණෝ හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමාණන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.

