ගීතාවලිය 79:8-13

ගීතාවලිය 79:8-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අපේ පියවරුන්ගේ පාප අපට එරෙහිව නො ගත මැනව; ඔබගේ දයාවන් වහ වහා අප හමුවට ඒවා; මන්ද අප සිටින්නේ, බලාපොරොත්තු රහිත අඩියක ය. පිහිට වුව මැනව, අහෝ අප ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්ස, ඔබගේ නාමයේ මහිමය උදෙසා; මිදුව මැනව අප, කමා වුව මැනව අප පාපවලට ඔබගේ නාමයේ ගෞරවය උදෙසා. “කෝ! ඔවුන්ගේ දෙවියන්වහන්සේ කොහේ දැ” යි කියන්නට ඒ විජාතීන්ට කුමට ද ඉඩ දෙන්නේ? ඔබගේ සේවකයින්ගේ ලේ හැලීම ගැන ඔවුන්ගෙන් ඔබ පළිය ගන්නා හැටි අපගේ ඇස් ඉදිරිපිට ම ජාතීන්ට පෙන්වුව මැනව. යුද සිරකරුවන්ගේ සුසුම් ලෑම ඔබ අබිමුවට පැමිණේවා! ඔබගේ ශක්තියේ බාහු බලය පා, මරණයට නියම වූවන් රැකගත මැනව. අපගේ අසල්වාසීන් ඔබ වෙත දමා ගැසූ අවලාද, හත් ගුණයකින් වැඩි කොට, ඔවුන්ගේ ම ඔඩොක්කුවට ඒවා ආපසු හැරවුව මැනව, අහෝ ස්වාමිනි. එවිට ඔබගේ ජනයා වන අපි, ඔබගේ තෘණ බිමේ බැටළුවන් වන අපි, සදහට ම ඔබට ප්‍රශංසා කරන්නෙමු; පරම්පරාවෙන් පරම්පරාවට නැවත නැවතත් අපි ඔබට ප්‍රශංසා කරන්නෙමු.

ගීතාවලිය 79:8-13 Sinhala Revised Old Version (SROV)

අපේ පියවරුන්ගේ අයුතුකම් අපට විරුද්ධව සිහි නොකළ මැනව. අප බොහෝසෙයින් පහත වැටී සිටින බැවින්, ඔබගේ මෘදුවූ දයාව වහාම අප කෙරෙහි පැමිණේවා. අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබගේ නාමයේ ගෞරවය සඳහා අපට පිහිටවුව මැනව. ඔබගේ නාමය උදෙසා අප නිදහස් කොට අපේ පව් පහකරදැමුව මැනව. මොවුන්ගේ දෙවියෝ කොතැනදැ යි අන්‍ය ජාතීහු කුමට කියත්ද? ඔබගේ මෙහෙකරුවන්ගේ වගුළ ලේ ගැන පලිගන්න බව අන්‍ය ජාතීන් අතරේ අපේ ඇස් හමුවෙහි ප්‍රකාශවේවා. හිරකාරයාගේ සුසුම්ලීම ඔබ ඉදිරියට පැමිණේවා; මරණයට කැපවූවන් ඔබගේ බලයේ උතුම්කම ලෙස රක්ෂාකළ මැනව. ස්වාමිනි, අපේ අසල්වාසීන් විසින් ඔබට කළ නින්දාව ඔවුන්ගේ ළයට සත් ගුණයක් කොට හරවාදුන මැනව. එවිට ඔබගේ සෙනඟද ඔබ පාලනය කරන බැටළුවෝද වූ අපි සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමුව; සියලු පරම්පරාවලට ඔබගේ ප්‍රශංසාව ප්‍රකාශකරන්නෙමුව.

ගීතාවලිය 79:8-13 Sinhala New Revised Version (NRSV)

අපේ පියවරුන්ගේ දුෂ්ට ක්‍රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව. ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව. අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත. අපේ මිදුම්කාර දෙවිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අපට සරණ වුණ මැනව; ඔබේ නාමය උදෙසා අප මුදා අපට කමා කළ මැනව. “ඔවුන්ගේ දෙවිඳාණෝ කොහේ දැ”යි මිසදිටු ජාතීන් අසන්නේ කුමට ද? ඔබේ සේවකයන්ගේ ලෙයට පළිගන්න බව මිසදිටු ජාතීන් අතර අපේ ඇස් ඉදිරියෙහි ම ප්‍රකාශ වේ වා! ඔබේ සිරකරුවන්ගේ කන්කෙඳිරිය ඔබ ඉදිරියට පැමිණේ වා! මරණයට නියම වූ අය ඔබේ මහිමයෙන් ආරක්ෂා වෙත් වා! අහෝ සමිඳුනි, අපේ අසල්වාසීන් ඔබට සමච්චල් කර ඇත. එය හත් ගුණයකින් ඔවුන් වෙත ම හැරෙවුව මැනව. එවිට ඔබේ තණ බිමේ බැටළුවෝ ද ඔබේ සෙනඟ ද වන අපි සදහට ම ඔබට ස්තුති කරන්නෙමු. පරපුරෙන් පරපුරට අපි ඔබට පැසසුම් කරන්නෙමු.

ගීතාවලිය 79:8-13 Sinhala New Revised Version 2018 (SNRV)