ගීතාවලිය 78:2-6 - Compare All Versions
ගීතාවලිය 78:2-6 SROV (Sinhala Revised Old Version)
උපමාවකින් මාගේ කට අරින්නෙමි; අප විසින් ඇසුවාවූ, දැනගත්තාවූ, අපේ පියවරුන් අපට කියාදුන්නාවූ පුරාණයේ වාක්‍යයන් ප්‍රකාශ කරන්නෙමි. අපි ඔවුන්ගේ දරුවන් කෙරෙන් ඒ දේ නොසඟවා, ස්වාමීන්ගේ ප්‍රශංසාවත් ශක්තියත් උන්වහන්සේ කළ ආශ්චර්ය ක්‍රියාත් මතු එන පරම්පරාවට ප්‍රකාශ කරන්නෙමුව. එසේ උන්වහන්සේ යාකොබ්හි සාක්ෂියක් පිහිටුවා, ඉශ්‍රායෙල්හි ව්‍යවස්ථාවක් පනවා, ඒවා තමුන්ගේ දරුවන්ට දන්වන්ට අපේ පියවරුන්ට අණකළසේක. මෙසේ කළේ එන්නාවූ පරම්පරාව, එනම් උපදින්ට සිටින දරුවන්, ඒවා දැනගෙන, නැගිට ස්වකීය දරුවන්ට කියාදෙන පිණිසත්
ගීතාවලිය 78:2-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මම උපමාවකින් මගේ මුව විවර කරමි; පුරාතන පටන් සැඟවී තිබූ දෑ පවසන්නෙමි. ඒවා අප අසා ඇති, අප දන්නා, අපේ පියවරුන් අපට පවසා ඇති දෑ ය. ඔවුන්ගේ දරුවන්ගෙන් අප ඒවා සඟවන්නේ නැත; ස්වාමින්වහන්සේගේ ප්‍රශංසනීය ක්‍රියා, උන්වහන්සේගේ බලය හා උන්වහන්සේ කළ අරුම පුදුම, ඊළඟ පරම්පරාවට අපි පවසන්නෙමු. උන්වහන්සේ යාකොබ් තුළ පනතක් පිහිටුවා, ඉශ්‍රායෙල් තුළ ව්‍යවස්ථාව ස්ථාපිත කළේ, තම දරු පරපුරට ඒවා උගන්වන ලෙස අප පියවරුනට ආඥා කරමිනි. මෙසේ, ඊළඟ පරපුර, තවමත් නූපන් දරුවන් පවා ඒවා දැනගනු ඇත; ඔවුන් ද තමන්ගේ දරුවන් එලෙස ම දැනුවත් කරනු ඇත.
ගීතාවලිය 78:2-6 NRSV (Sinhala New Revised Version)
උපමාවක් මඟින් මම කතා කරන්නෙමි. පුරාතනයේ අබිරහස් පවසන්නෙමි. අප අසා දැනගත් දේවල් ද අපේ පියවරුන් අපට දැන්වූ දේවල් ද අපි දන්වන්නෙමු. දරු මුණුබුරන් කෙරෙන් නොසඟවා ඊළඟ පරපුරට දන්වන්නෙමු. සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා හා බල මහිමය ද එතුමන් කළ හාස්කම් ද කියාපාන්නෙමු. එතුමාණෝ, ඉශ්රායෙල් ජනතාවට නීති නියෝග ද ජාකොබ්ගේ පරපුරට අණපණත් ද දුන් සේක. ඔවුන්ගේ දරුවන්ට ඒවා ඉගැන්වීමට ඔවුන්ගේ පියවරුන්ට අණ දුන් සේක. මෙලෙස ඊළඟ පරපුර ඒවා දැනගන්නෝ ය; ඉපදෙන්නට සිටින දරු පරපුර ඒවා දැනගන්නෝ ය. ඔව්හු නැඟිට ඔවුන්ගේ පරපුරට ඒවා දන්වන්නෝ ය.
ගීතාවලිය 78:2-6 SNRV (Sinhala New Revised Version 2018)
උපමාවක් මඟින් මම කතා කරන්නෙමි. පුරාතනයේ අබිරහස් පවසන්නෙමි. අප අසා දැනගත් දේවල් ද අපේ පියවරුන් අපට දැන්වූ දේවල් ද අපි දන්වන්නෙමු. දරු මුණුබුරන් කෙරෙන් නොසඟවා ඊළඟ පරපුරට දන්වන්නෙමු. සමිඳාණන් වහන්සේගේ ප්‍රබල ක්‍රියා හා බල මහිමය ද එතුමාණෝ කළ හාස්කම් ද කියාපාන්නෙමු. එතුමාණෝ, ඉශ්රායෙල් ජනතාවට නීති නියෝග ද ජාකොබ්ගේ පරපුරට අණපනත් ද දුන් සේක. ඔවුන්ගේ දරුවන්ට ඒවා ඉගැන්වීමට ඔවුන්ගේ පියවරුන්ට අණ දුන් සේක. මෙලෙස ඊළඟ පරපුර ඒවා දැනගන්නෝ ය; ඉපදෙන්නට සිටින දරු පරපුර ඒවා දැනගන්නෝ ය. ඔව්හු නැඟිට ඔවුන්ගේ පරපුරට ඒවා දන්වන්නෝ ය.
ගීතාවලිය 78:2-6 NIV (New International Version)
I will open my mouth with a parable; I will utter hidden things, things from of old— things we have heard and known, things our ancestors have told us. We will not hide them from their descendants; we will tell the next generation the praiseworthy deeds of the LORD, his power, and the wonders he has done. He decreed statutes for Jacob and established the law in Israel, which he commanded our ancestors to teach their children, so the next generation would know them, even the children yet to be born, and they in turn would tell their children.