ගීතාවලිය 78:2-6

ගීතාවලිය 78:2-6 NRSV

උපමාවක් මඟින් මම කතා කරන්නෙමි. පුරාතනයේ අබිරහස් පවසන්නෙමි. අප අසා දැනගත් දේවල් ද අපේ පියවරුන් අපට දැන්වූ දේවල් ද අපි දන්වන්නෙමු. දරු මුණුබුරන් කෙරෙන් නොසඟවා ඊළඟ පරපුරට දන්වන්නෙමු. සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා හා බල මහිමය ද එතුමන් කළ හාස්කම් ද කියාපාන්නෙමු. එතුමාණෝ, ඉශ්රායෙල් ජනතාවට නීති නියෝග ද ජාකොබ්ගේ පරපුරට අණපණත් ද දුන් සේක. ඔවුන්ගේ දරුවන්ට ඒවා ඉගැන්වීමට ඔවුන්ගේ පියවරුන්ට අණ දුන් සේක. මෙලෙස ඊළඟ පරපුර ඒවා දැනගන්නෝ ය; ඉපදෙන්නට සිටින දරු පරපුර ඒවා දැනගන්නෝ ය. ඔව්හු නැඟිට ඔවුන්ගේ පරපුරට ඒවා දන්වන්නෝ ය.