ගීතාවලිය 78:17-22
ගීතාවලිය 78:17-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ඔවුහු උන්වහන්සේට එරෙහිව දිගින් දිගට ම පව් කළෝ, වියළි පාළුකරයේදී මහෝත්තමයාණන්ට එරෙහිව කැරලි ගැසුවෝ ය. ඔවුහු තමන් ගිජු වූ ආහාර ඉල්ලා, හිතා-මතා ම දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝ ය. ඔවුහු දෙවියන්වහන්සේට එරෙහිව කතා කරමින්, “මේ පාළුකරයේ රස බොජුන් සපයා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන් ද? වතුර ගලා හැලෙන්නට උන්වහන්සේ පර්වතයට ගැසූ කල, ජලය ප්‍රවාහයක් ගලා ගිය ද, එලෙස අපට අහර දෙන්නටත් උන්වහන්සේට පුළුවන් ද? ස්වකීය ජනයාට උන්වහන්සේ මස් සපයා දෙන සේක් දැ?” යි කීවෝ ය. ස්වාමින්වහන්සේ ඒ ඇසූ කල, තදින් ම කෝප වූ සේක; යාකොබ් වංශයට එරෙහිව උන්වහන්සේගේ ගින්න ඇවුළුණේ ය; ඉශ්‍රායෙල් ජනයාට එරෙහිව උන්වහන්සේගේ උදහස ඇවුළුණේ ය. මන්ද, ඔවුන් දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබුවේවත්, උන්වහන්සේගෙන් ලැබෙන මිදීම ගැන විශ්වාස කළේවත්, නැති බැවිනි.
ගීතාවලිය 78:17-22 Sinhala Revised Old Version (SROV)
එහෙත් ඔව්හු කාන්තාරයෙහිදී මහෝත්තමයාණන්ට විරුද්ධව කැරළි ගසමින්, උන්වහන්සේට විරුද්ධව තව තව පව්කළෝය. තමුන්ගේ තෘෂ්ණාවලට කෑම ඉල්ලීමෙන් සිතින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝය. එසේය, ඔව්හු දෙවියන්වහන්සේට විරුද්ධව කථාකරමින්: වනාන්තරයෙහි මේසයක් පිළියෙළ කරන්ට දෙවියන්වහන්සේට පුළුවන්ද? බලව, උන්වහන්සේ පර්වතයට ගැසූ කල ජලය වැගුරුණේය, දියපාරවල් ගලාගියේය; රොටිත් දෙන්ට හැකිසේක්ද? ස්වකීය සෙනඟට මාංස සපයාදෙන සේක්දැයි කීවෝය. එබැවින් ස්වාමීන්වහන්සේ අසා උදහස්වූසේක. යාකොබ්ට විරුද්ධව ගින්නක් ඇවුළුණේය, ඉශ්‍රායෙල්ට විරුද්ධව කෝපයද නැංගේය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ කෙරෙහි නොඇදහුවෝය, උන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම විශ්වාස නොකළෝය.
ගීතාවලිය 78:17-22 Sinhala New Revised Version (NRSV)
එහෙත්, ඔව්හු පෙරටත් වඩා එතුමන්ට විරුද්ධ ව නිතර පව් කළෝ ය. වියළි පාළුකරයේ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. ඕනෑකමින් ම ඔව්හු දෙවිඳුන්ට අභියෝග කළෝ ය; තමන් රිසි ආහාර ඉල්ලා ඔව්හු එසේ කළෝ ය. දෙවිඳුන්ට විරුද්ධ ව ඔව්හු කතා කරමින්, “පාළුකරයේ දී ආහාර සැපයීමට එතුමන්ට හැකි දැ”යි ඇසුවෝ ය. තවද, “ගංගාවක් මෙන් වේගයෙන් වතුර ගලා බසින පිණිස එතුමන් පර්වතයට පහර දුන් නමුත්, ජනතාවට රොටි දිය හැකි ද? ඔවුන්ට මාංස දිය හැකි ද?” කියා ඔව්හු ඇසුවෝ ය. සමිඳාණෝ මේවා ඇසූ කල උදහසින් පිරී ගිය සේක. ජාකොබ් පරපුරට විරුද්ධ ව එතුමන්ගේ කෝපාග්නිය ඇවිළී, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව උදහස නැංගේ ය. එසේ වූයේ, ඔවුන් දෙවිඳුන් විශ්වාස නොකළ බැවිනි; එතුමන්ගේ විමුක්තිදායක බලය කෙරෙහි ඔවුන් විශ්වාසය නොතැබූ බැවිනි.
ගීතාවලිය 78:17-22 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, ඔව්හු පෙරටත් වඩා එතුමාණන්ට විරුද්ධ ව නිතර පව් කළෝ ය. වියළි පාළුකරයේ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. ඕනෑකමින් ම ඔව්හු දෙවිඳුන්ට අභියෝග කළෝ ය; තමන් රිසි ආහාර ඉල්ලා ඔව්හු එසේ කළෝ ය. දෙවිඳුන්ට විරුද්ධ ව ඔව්හු කතා කරමින්, “පාළුකරයේ දී ආහාර සැපයීමට එතුමාණන්ට හැකි දැ”යි ඇසුවෝ ය. තවද, “ගංගාවක් මෙන් වේගයෙන් වතුර ගලා බසින පිණිස එතුමාණෝ පර්වතයට පහර දුන් නමුත්, ජනතාවට රොටි දිය හැකි ද? ඔවුන්ට මාංස දිය හැකි ද?” කියා ඔව්හු ඇසුවෝ ය. සමිඳාණෝ මේවා ඇසූ කල උදහසින් පිරී ගිය සේක. ජාකොබ් පරපුරට විරුද්ධ ව එතුමාණන්ගේ කෝපාග්නිය ඇවිළී, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව උදහස නැංගේ ය. එසේ වූයේ, ඔවුන් දෙවිඳුන් විශ්වාස නොකළ බැවිනි; එතුමාණන්ගේ විමුක්තිදායක බලය කෙරෙහි ඔවුන් විශ්වාසය නොතැබූ බැවිනි.
ගීතාවලිය 78:17-22 New International Version (NIV)
But they continued to sin against him, rebelling in the wilderness against the Most High. They willfully put God to the test by demanding the food they craved. They spoke against God; they said, “Can God really spread a table in the wilderness? True, he struck the rock, and water gushed out, streams flowed abundantly, but can he also give us bread? Can he supply meat for his people?” When the LORD heard them, he was furious; his fire broke out against Jacob, and his wrath rose against Israel, for they did not believe in God or trust in his deliverance.