ගීතාවලිය 78:17-22

ගීතාවලිය 78:17-22 SROV

එහෙත් ඔව්හු කාන්තාරයෙහිදී මහෝත්තමයාණන්ට විරුද්ධව කැරළි ගසමින්, උන්වහන්සේට විරුද්ධව තව තව පව්කළෝය. තමුන්ගේ තෘෂ්ණාවලට කෑම ඉල්ලීමෙන් සිතින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝය. එසේය, ඔව්හු දෙවියන්වහන්සේට විරුද්ධව කථාකරමින්: වනාන්තරයෙහි මේසයක් පිළියෙළ කරන්ට දෙවියන්වහන්සේට පුළුවන්ද? බලව, උන්වහන්සේ පර්වතයට ගැසූ කල ජලය වැගුරුණේය, දියපාරවල් ගලාගියේය; රොටිත් දෙන්ට හැකිසේක්ද? ස්වකීය සෙනඟට මාංස සපයාදෙන සේක්දැයි කීවෝය. එබැවින් ස්වාමීන්වහන්සේ අසා උදහස්වූසේක. යාකොබ්ට විරුද්ධව ගින්නක් ඇවුළුණේය, ඉශ්‍රායෙල්ට විරුද්ධව කෝපයද නැංගේය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ කෙරෙහි නොඇදහුවෝය, උන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම විශ්වාස නොකළෝය.