ගීතාවලිය 77:2-3 - Compare All Versions

ගීතාවලිය 77:2-3 SROV (Sinhala Revised Old Version)

දුක් ඇති දවසේදී ස්වාමීන් සෙවීමි. රාත්‍රියේදී මාගේ අත නොනැවතී දිගුකර තිබුණේය; මාගේ ආත්මය සැනසෙන්ට අකැමැතිවිය. මම දෙවියන්වහන්සේ සිහිකොට චංචලව සිටිමි. මම මෙනෙහිකරමි, මාගේ ආත්මයද ශෝකයෙන් පිරී ගියේය.

බෙදාගන්න
ගීතාවලිය 77 SROV

ගීතාවලිය 77:2-3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

කරදර අසීරුතාහි දී මම ස්වාමින් සෙවීමි; රැයේදී වෙහෙස නො බලා, මම දෑත දිගු කර ගෙන සිටියෙමි, එහෙත් මට සැනසිල්ලක් ලැබුණේ නැත. අහෝ දෙවියන්වහන්ස මම, ඔබ සිහි කරමින්, කෙඳිරි ගෑවෙමි; මම ඕනෑකමින් සිතා බැලුවෙමි; එවිට මගේ ආත්ම ශක්තිය පිරිහී යන්නට විය. සෙලා

බෙදාගන්න
ගීතාවලිය 77 SCV

ගීතාවලිය 77:2-3 NRSV (Sinhala New Revised Version)

විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමන් වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය. දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි; මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 77 NRSV

ගීතාවලිය 77:2-3 SNRV (Sinhala New Revised Version 2018)

විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමාණෝ වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය. දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි; මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 77 SNRV

ගීතාවලිය 77:2-3 NIV (New International Version)

When I was in distress, I sought the Lord; at night I stretched out untiring hands, and I would not be comforted. I remembered you, God, and I groaned; I meditated, and my spirit grew faint.

බෙදාගන්න
ගීතාවලිය 77 NIV