ගීතාවලිය 75:1-10

ගීතාවලිය 75:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අපි ඔබට ස්තුති දෙන්නෙමු අහෝ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති දෙන්නෙමු. මන්ද ඔබගේ නාමය අපට සමීප ය; මනුෂ්‍යයෝ ඔබගේ අපූර්ව ක්‍රියා ගැන පවසති. ඔබවහන්සේ පවසන්නේ, “මා නියම කරන නිසි කාලයට, මම අපක්ෂපාතී ව විනිශ්චය කරන්නෙමි. එතුළ වෙසෙන මුළු මහත් ජනයා සමඟින් මේ මහ පොළොව උණු ව යන්නට වන් කල, එහි කුලුනු නො සෙල්වෙන ලෙස අල්ලා ගන්නේ මම ය. සෙලා ‘තවත් පුරසාරම් එපා’ යි අහංකාරීන්ට මම කියමි; දුෂ්ටයිනට මම කියන්නේ, ‘නුඹලාගේ උඩඟුවේ අං නො ඔසවනු. නුඹලාගේ උඩඟුවේ අං ඉහළට නො ඔසවනු; උදාරමින් ගෙල දිගු කර, නො දොඩවනු’ කියා ය.” මන්ද ඉහළට එසවීම, නැගෙනහිරින්වත්, බස්නාහිරින්වත් නැතහොත් කාන්තාරයෙන්වත් පැමිණෙන්නේ නැත. එහෙත් කෙනකු පහත් කරමින් හා අනෙකකු උසස් කරමින්, විනිශ්චය ක්‍රියාවට නගන්නේ දෙවියන්වහන්සේ ය. ස්වාමින්වහන්සේගේ අතේ කුසලානෙකි, රසකාරක මුසු, පෙණ දමන මිදි යුෂවලින් එය පිරිලා ය; උන්වහන්සේ එය පිටත හලන සේක, මිහි මත සියලු දුෂ්ටයෝ අන්තිම බිඳුව දක්වා ම එයින් බොන්නෝ ය. මම, සදහට මේ ගැන ප්‍රකාශ කරන්නෙමි; යාකොබ්ගේ දෙවියන්වහන්සේට මම පැසසුම් ගී ගයන්නෙමි. සියලු දුෂ්ටයින්ගේ උඩඟු අං, මම සිඳ දමන්නෙමි, එහෙත් දමිටුවන්ගේ අං, උසස් කරනු ලබන්නේ ය.

ගීතාවලිය 75:1-10 Sinhala Revised Old Version (SROV)

දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති කරමුව; ඔබගේ නාමය සමීප බැවින් ස්තුති කරමුව. මනුෂ්‍යයෝ ඔබගේ පුදුම ක්‍රියා ප්‍රකාශකරති. නියම කාලය ලැබූ කල මම අවංකලෙස විනිශ්චයකරන්නෙමි. පොළොවද එහි සියලු වැසියෝද දියව ගියෝය. මම ඒකේ ටැම් සිටුවීමි. අහංකාරලෙස ක්‍රියා නොකරව්යයි අහංකාරීන්ටත් අඟ උස් නොකරව්යයි දුෂ්ටයන්ටත් කීමි. නුඹලාගේ අඟ උස් නොකරව්; තද කුළල් ඇතිව කථා නොකරව්. මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේය. නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක. මක්නිසාද ස්වාමීන්ගේ අතේ කුසලානක් ඇත, එහි මුද්‍රිකපානය පෙණ දමයි; එය මිශ්‍ර ද්‍රව්‍යයෙන් පිරී තිබේ, උන්වහන්සේ එයින් වත්කරනසේක. සැබවින් පොළොවේ සියලු දුෂ්ටයෝ එහි මණ්ඩි මිරිකා බොන්නෝය. එහෙත් මම සදාකල් ප්‍රකාශ කරන්නෙමි, යාකොබ්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි. දුෂ්ටයන්ගේ අං සියල්ලද කපාදමන්නෙමි; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ අං ඔසවනු ලබන්නේය.

ගීතාවලිය 75:1-10 Sinhala New Revised Version (NRSV)

දෙවිඳුනි, අපි ඔබට තුති කරමු; ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු; ඔබේ නාමයට අයැද තුති කරමු. දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “විනිශ්චය කරන කාලය මා නියමකර ඇත. එවිට මම යුක්තිසහගත ව විනිශ්චය කරන්නෙමි. පොළොවත්, එහි සියලු වැසියෝත් කම්පා වන්නෝ ය. එසේ වුවත්, පොළොවේ කණු සවිමත් ව තබන්නේ මම ය.” මම මෙසේ කියමි: “පාරට්ටු කරන්නෙනි, පාරට්ටු නවතාලන්න; දුදනෙනි, අහංකාරකමින් උදම් නොවන්න; මහෝත්තමයාණන්ට විරුද්ධ ව අහංකාර නොවන්න; මැවුම්කරුන් හට විරුද්ධ ව උඩඟුවෙන් කතා නොකරන්න. පෙර අපර දෙදිගින් හෝ උතුරු දකුණු දෙදිගින් හෝ විනිශ්චය නොවන්නේ ය, එය නොඑන්නේ ය. එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය. කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද උන් වහන්සේ ම ය. සමිඳුන් අතෙහි කුසලානකි; කෝපයෙන් පැසුණු මිදි රසින් එය පිරී ඇත. එතුමාණෝ එයින් බිඳක් වත්කරන සේක. මිහි පිට දුදනෝ එහි අන්තිම බිඳ දක්වා ම බොන්නෝ ය. මම සදහට ම ජාකොබ්ගේ දෙවිඳුන් පසසන්නෙමි; එතුමන් හට සදහට ම ගී ගයන්නෙමි. දුදනන්ගේ ඔද මම බිඳ ලන්නෙමි. එහෙත්, සුදනන්ගේ බලය ඔසවනු ලබන්නේ ය.”

ගීතාවලිය 75:1-10 Sinhala New Revised Version 2018 (SNRV)

දෙවිඳුනි, අපි ඔබට තුති කරමු; ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු; ඔබේ නාමයට අයැද තුති කරමු. දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “විනිශ්චය කරන කාලය මා නියමකර ඇත. එවිට මම යුක්තිසහගත ව විනිශ්චය කරන්නෙමි. පොළොවත්, එහි සියලු වැසියෝත් කම්පා වන්නෝ ය. එසේ වුවත්, පොළොවේ කණු සවිමත් ව තබන්නේ මම ය.” මම මෙසේ කියමි: “පාරට්ටු කරන්නෙනි, පාරට්ටු නවතාලන්න; දුදනෙනි, අහංකාරකමින් උදම් නොවන්න; මහෝත්තමයාණන්ට විරුද්ධ ව අහංකාර නොවන්න; මැවුම්කරුන් හට විරුද්ධ ව උඩඟුවෙන් කතා නොකරන්න. පෙර අපර දෙදිගින් හෝ උතුරු දකුණු දෙදිගින් හෝ විනිශ්චය නොවන්නේ ය, එය නොඑන්නේ ය. එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය. කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද උන් වහන්සේ ම ය. සමිඳුන් අතෙහි කුසලානකි; කෝපයෙන් පැසුණු මිදි රසින් එය පිරී ඇත. එතුමාණෝ එයින් බිඳක් වත්කරන සේක. මිහි පිට දුදනෝ එහි අන්තිම බිඳ දක්වා ම බොන්නෝ ය. මම සදහට ම ජාකොබ්ගේ දෙවිඳුන් පසසන්නෙමි; එතුමාණෝ හට සදහට ම ගී ගයන්නෙමි. දුදනන්ගේ ඔද මම බිඳ ලන්නෙමි. එහෙත්, සුදනන්ගේ බලය ඔසවනු ලබන්නේ ය.”