ගීතාවලිය 75
75
ප්‍රශංසාවේ සහ විනිශ්චයයේ ගීතය
ආසාප්ගේ කාව්‍යයකි. ගීතයකි.
1දෙවිඳුනි, අපි ඔබට තුති කරමු;
ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු;
ඔබේ නාමයට අයැද තුති කරමු.
2දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක:
“විනිශ්චය කරන කාලය මා නියමකර ඇත.
එවිට මම යුක්තිසහගත ව විනිශ්චය කරන්නෙමි.
3පොළොවත්, එහි සියලු වැසියෝත් කම්පා වන්නෝ ය.
එසේ වුවත්, පොළොවේ කණු සවිමත් ව තබන්නේ මම ය.”
4මම මෙසේ කියමි:
“පාරට්ටු කරන්නෙනි, පාරට්ටු නවතාලන්න;
දුදනෙනි, අහංකාරකමින් උදම් නොවන්න;
5මහෝත්තමයාණන්ට විරුද්ධ ව අහංකාර නොවන්න;
මැවුම්කරුන් හට විරුද්ධ ව උඩඟුවෙන් කතා නොකරන්න.
6පෙර අපර දෙදිගින් හෝ උතුරු දකුණු දෙදිගින් හෝ විනිශ්චය නොවන්නේ ය, එය නොඑන්නේ ය.
7එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය.
කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද
උන් වහන්සේ ම ය.
8සමිඳුන් අතෙහි කුසලානකි;
කෝපයෙන් පැසුණු මිදි රසින් එය පිරී ඇත.
එතුමාණෝ එයින් බිඳක් වත්කරන සේක.
මිහි පිට දුදනෝ එහි අන්තිම බිඳ දක්වා ම බොන්නෝ ය.
9මම සදහට ම ජාකොබ්ගේ දෙවිඳුන් පසසන්නෙමි;
එතුමාණෝ හට සදහට ම ගී ගයන්නෙමි.
10දුදනන්ගේ ඔද මම බිඳ ලන්නෙමි.
එහෙත්, සුදනන්ගේ බලය ඔසවනු ලබන්නේ ය.”
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 75: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න