ගීතාවලිය 66:5-6 - Compare All Versions
ගීතාවලිය 66:5-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එන්න, ඇවිත් දෙවියන්වහන්සේ කර ඇති දෑ බලන්න, මිනිසුන් උදෙසා උන්වහන්සේගේ ක්‍රියා කොතරම් භයංකර ද! උන්වහන්සේ මුහුද වියළි බිමක් බවට පත් කළ සේක, ජනයා ජල මැදින් පයින් ගියහ. එන්න; අපි උන්වහන්සේ තුළ ප්‍රීති වෙමු.
ගීතාවලිය 66:5-6 SROV (Sinhala Revised Old Version)
එව්, දෙවියන්වහන්සේගේ ක්‍රියා බලව්; මනුෂ්‍ය පුත්‍රයන් කෙරෙහි උන්වහන්සේගේ ක්‍රියා කිරීම භයංකරය. උන්වහන්සේ මුහුද වියළි බිමක් කළසේක. ඔව්හු ගංගාව මැදින් පයින් ගියෝය. එහිදී අපි උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීමුව.
ගීතාවලිය 66:5-6 NRSV (Sinhala New Revised Version)
එන්න, දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න. එතුමන්ගේ ක්‍රියා මිනිසුන් අතර බියජනක ය. එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමන් තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.
ගීතාවලිය 66:5-6 SNRV (Sinhala New Revised Version 2018)
එන්න, දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න. එතුමාණන්ගේ ක්‍රියා මිනිසුන් අතර බියජනක ය. එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමාණෝ තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.
ගීතාවලිය 66:5-6 NIV (New International Version)
Come and see what God has done, his awesome deeds for mankind! He turned the sea into dry land, they passed through the waters on foot— come, let us rejoice in him.