ගීතාවලිය 66:5-6

ගීතාවලිය 66:5-6 SCV

එන්න, ඇවිත් දෙවියන්වහන්සේ කර ඇති දෑ බලන්න, මිනිසුන් උදෙසා උන්වහන්සේගේ ක්‍රියා කොතරම් භයංකර ද! උන්වහන්සේ මුහුද වියළි බිමක් බවට පත් කළ සේක, ජනයා ජල මැදින් පයින් ගියහ. එන්න; අපි උන්වහන්සේ තුළ ප්‍රීති වෙමු.