ගීතාවලිය 64:1-10

ගීතාවලිය 64:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සවන් දුන මැන මගේ කටහඬට, මගේ පැමිණිල්ලට, අහෝ දෙවියන්වහන්ස, සතුරාගේ තර්ජනයෙන් මගේ ජීවිතය රැක දුන මැනවි. දුෂ්ටයින්ගේ කුමන්ත්‍රණයෙන් හා ඝෝෂාකාරී නපුරන්ගේ රංචුවෙන් මා සඟවා ගත මැනවි. ඔවුන් තම දිව්, කඩුපත් සේ මුවහත් කර, තම වචන එල්ල කරන්නේ මාරක හී ගස් පරිද්දෙනි. එසේ ඔවුහු සැඟවී සිට, නිර්දෝෂීනට විදිති; කිසි බයක් නැතිව හදිසියේ ම විද දමති. නපුරු සැලසුම්වලට ඔවුහු එකිනෙකා දිරිගන්වා ගනිති; තම උගුල් රහසිගත ව තබා ගැනීමට කතිකා කරති, “කවුරු අප දකිත් දැ?” යි ඔවුහු අසති. ඔවුහු අයුක්තිය කුමන්ත්‍රණ කොට, “අප නියම සැලැස්මක් යෙදුවා” යි කියති, සැබවින් ම මිනිසාගේ සිතත්, හදවතත් වංචාකාරී ය. එහෙත් දෙවියන්වහන්සේ හීවලින්, ඔවුනට විදින සේක; හදිසියේ ම ඔවුහු ගසා හෙළනු ලබති. උන්වහන්සේ ඔවුන්ගේ දිව් ඔවුන්ට ම එරෙහිව හරවා, ඔවුන් විනාශයට පමුණු වන සේක; ඒ වග දකින්නෝ අවඥාවෙන් හිස් වනන්නෝ ය. මුළු මිනිස් වර්ගයා ම බය වන්නෝ ය; ඔවුහු දෙවියන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය, උන්වහන්සේ කළ දෑ ගැන සිත් යොමු කරන්නෝ ය. ධාර්මිකයෝ ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද ව, උන්වහන්සේ තුළ සරණය ලබත්වා! හදින් අවංක සියල්ලෝ උන්වහන්සේට ප්‍රශංසා කරත්වා!

ගීතාවලිය 64:1-10 Sinhala Revised Old Version (SROV)

දෙවියන්වහන්ස, මාගේ විලාපයේදී මාගේ හඬට කන්දුන මැනව. සතුරු භයින් මාගේ ප්‍රාණය රැකගත මැනව. නපුරුකම් කරන්නන්ගේ රහස් මන්ත්‍රණයෙන්ද අයුතුකම් කරන්නන්ගේ කෝලාහලයෙන්ද මා සඟවාගත මැනව. රහස් තැන්වලදී නිර්දෝෂ අයට විදින පිණිස ඔව්හු කඩුවක් මෙන් තමුන්ගේ දිව මුවහත් කොට, තික්ත වචන නමැති ඊගස් යෙදුවෝය. හදිසියෙන් ඔව්හු ඔහුට විද භයක් නැතුව සිටිති. ඔව්හු නපුරු කාරණයෙක්හි තමුන්ම ධෛර්යකරගනිති; මලපත් සඟවා තැබීම ගැන කථාකෙරෙති; ඒවා පෙනෙන්නේ කාටදැයි ඔව්හු කියති. ඔව්හු අයුතුකම් සොයති; අපි තියුණු යෝජනාවක් කරගතිමුයයි කියති. හැමදෙනාගේම අභ්‍යන්තර කල්පනාවත් සිතත් ගැඹුරුය. නුමුත් දෙවියන්වහන්සේ ඔවුන්ට විදිනසේක; ඊගහකින් හදිසියෙන් ඔවුන්ට තුවාල වන්නේය. ඔවුන්ගේ දිව මෙසේ තමුන්ටම විරුද්ධවී, ඔවුන්ගේ පැකිලීම සිදුවන්නේය. ඔවුන් දකින සියල්ලෝ හිස වනන්නෝය. සියලු මනුෂ්‍යයෝ භයවන්නෝය; ඔව්හු දෙවියන්වහන්සේ කළ දේ ප්‍රකාශකරන්නෝය, උන්වහන්සේගේ ක්‍රියාව ගැන නුවණින් කල්පනාකරන්නෝය. ධර්මිෂ්ඨයා ස්වාමීන් තුළ සන්තෝෂවන්නේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නේය; අවංක සිත් ඇති සියල්ලෝද ජය ප්‍රකාශකරන්නෝය.

ගීතාවලිය 64:1-10 Sinhala New Revised Version (NRSV)

දෙවිඳුනි, මා පැමිණිලි කරන විට මා හඬට කන් දුන මැනව; මේ භයානක සතුරන්ගෙන් මාගේ ජීවිතය ආරක්ෂා කළ මැනව. දුෂ්ටයන්ගේ උපායවලින් මා රැකගත මැනව; කලහකාරී සෙනඟගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු අසිපත් මෙන් තමන්ගේ දිව් මුවහත් කරගනිති; ඔව්හු ඊගස් මෙන් පරුෂ වචන විදිති. ඔව්හු සැඟවී සිට නිදොස් අයට විදින්නෝ ය; අනතුරු ඇඟවීමක් නොකර හදිසියෙන් විදින්නෝ ය. දුෂ්ට අරමුණු සඳහා ඔව්හු එකිනෙකාට අනුබල දෙන්නෝ ය; ඔවුන්ගේ උගුල කොතැන සඟවා අටවන්න දැ යි සාකච්ඡා කරන්නෝ ය. “අප දකින කෙනෙක් නැතැ”යි ඔව්හු සිතන්නෝ ය. “අපේ අපරාධ සොයා ගත හැක්කේ කවරෙකුට ද? අපි කෛරාටික ලෙස උගුලක් ඇටවීමු.” මන්ද මනුෂ්‍යයාගේ සිතුවිලි හා අභ්‍යන්තරය ඉතා ගැඹුරු බැවිනි. දෙවිඳාණෝ ඔවුන්ට ඊගසින් විදින සේක; අනතුරු ඇඟවීමක් නොකර හදිසියෙන් ඔවුන්ට තුවාළ කරන සේක. අති උත්තමයාණෝ මුසා දොඩන්නන් වනසන සේක. ඔවුන් දකින සියල්ලෝ හිස් වනන්නෝ ය. මිනිසුන් සැම දෙන බිය වී දෙවිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය. “එතුමාණන් එසේ කෙළේ කුමක් නිසා දැ”යි ඔව්හු සිතන්නෝ ය. දැහැමියා, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වී එතුමාණන් සරණ සොයා යන්නේ ය; අවංක සිතැති තැනැත්තා ප්‍රීතියෙන් පිරී යන්නේ ය.

ගීතාවලිය 64:1-10 Sinhala New Revised Version 2018 (SNRV)