ගීතාවලිය 64
64
ගරහන්නන්ට ලැබෙන දඬුවම
දාවිත්ගේ ගීතයකි.
1දෙවිඳුනි, මා පැමිණිලි කරන විට මා හඬට කන් දුන මැනව;
මේ භයානක සතුරන්ගෙන් මාගේ ජීවිතය ආරක්ෂා කළ මැනව.
2දුෂ්ටයන්ගේ උපායවලින් මා රැකගත මැනව;
කලහකාරී සෙනඟගෙන් මා ආරක්ෂා කළ මැනව.
3ඔව්හු අසිපත් මෙන් තමන්ගේ දිව් මුවහත් කරගනිති;
ඔව්හු ඊගස් මෙන් පරුෂ වචන විදිති.
4ඔව්හු සැඟවී සිට නිදොස් අයට විදින්නෝ ය;
අනතුරු ඇඟවීමක් නොකර හදිසියෙන් විදින්නෝ ය.
5දුෂ්ට අරමුණු සඳහා ඔව්හු එකිනෙකාට අනුබල දෙන්නෝ ය;
ඔවුන්ගේ උගුල කොතැන සඟවා අටවන්න දැ යි සාකච්ඡා කරන්නෝ ය.
“අප දකින කෙනෙක් නැතැ”යි ඔව්හු සිතන්නෝ ය.
6“අපේ අපරාධ සොයා ගත හැක්කේ කවරෙකුට ද?
අපි කෛරාටික ලෙස උගුලක් ඇටවීමු.”
මන්ද මනුෂ්‍යයාගේ සිතුවිලි හා අභ්‍යන්තරය ඉතා ගැඹුරු බැවිනි.
7දෙවිඳාණෝ ඔවුන්ට ඊගසින් විදින සේක;
අනතුරු ඇඟවීමක් නොකර හදිසියෙන් ඔවුන්ට තුවාළ කරන සේක.
8අති උත්තමයාණෝ මුසා දොඩන්නන් වනසන සේක.
ඔවුන් දකින සියල්ලෝ හිස් වනන්නෝ ය.
9මිනිසුන් සැම දෙන බිය වී දෙවිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය.
“එතුමාණන් එසේ කෙළේ කුමක් නිසා දැ”යි
ඔව්හු සිතන්නෝ ය.
10දැහැමියා, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වී එතුමාණන් සරණ සොයා යන්නේ ය;
අවංක සිතැති තැනැත්තා ප්‍රීතියෙන් පිරී යන්නේ ය.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 64: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න