ගීතාවලිය 6:6-9
ගීතාවලිය 6:6-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉකි බිඳීමෙන් මම වෙහෙස ව සිටිමි. හැම රැයක ම කඳුළු පෙරා, මගේ යහන තෙත් බත් කරමි. මගේ යහන කඳුළින් පොඟවමි. මගේ සතුරන් මා සොවට පත් කළෙන්, හැඬූ නිසා මගේ ඇස්වල පෙනීම, හීන ව ගොසිනි. මවෙතින් ඉවත් ව යව්, දුෂ්ටකම් කරන්නෙනි, මන්ද, ස්වාමින්වහන්සේ මගේ විලාප හඬ ඇසූ සේක. දයාව ඉල්ලා මා කළ කන්නලව්ව, ස්වාමින්වහන්සේ ඇසූ සේක, මගේ යැදුම ස්වාමින්වහන්සේ පිළිගන්න සේක.
ගීතාවලිය 6:6-9 Sinhala Revised Old Version (SROV)
මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි; රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි. මාගේ ඇස ශෝකයෙන් ක්ෂයවී මගේ සියලු එදිරිකාරයන් නිසා වැහැරයයි. අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක. ස්වාමීන්වහන්සේ, මාගේ කන්නලව්ව ඇසූසේක; ස්වාමීන්වහන්සේ, මාගේ යාච්ඤාව පිළිගන්නාසේක.
ගීතාවලිය 6:6-9 Sinhala New Revised Version (NRSV)
මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත; කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත; වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත; සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත. සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක. සමිඳාණෝ මාගේ යාදිනි ඇසූ සේක; එතුමාණෝ මා යැදුම පිළිගන්න සේක.
ගීතාවලිය 6:6-9 Sinhala New Revised Version 2018 (SNRV)
මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත; කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත; වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත; සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත. සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක. සමිඳාණෝ මාගේ යාදිනි ඇසූ සේක; එතුමාණෝ මා යැදුම පිළිගන්න සේක.
ගීතාවලිය 6:6-9 New International Version (NIV)
I am worn out from my groaning. All night long I flood my bed with weeping and drench my couch with tears. My eyes grow weak with sorrow; they fail because of all my foes. Away from me, all you who do evil, for the LORD has heard my weeping. The LORD has heard my cry for mercy; the LORD accepts my prayer.