ගීතාවලිය 6
6
ගීතාවලිය 6
සංගීත අධ්‍යක්ෂක වෙත. තත් සහිත වාද්‍ය භාණ්ඩ සමඟ. ෂෙමීනීත්#6:0 සංගීතමය යෙදුමක් විය හැක අනුව ය. දාවිත්ගේ ගීතයකි.
1අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ කෝපයෙන් මට තරවටු කරනු එපා;
ඔබගේ උදහසින් මට දඬුවම් කරනු එපා.
2මට අනුකම්පා කළ මැනව, ස්වාමින්වහන්ස, මම අබල-දුබල ව සිටිමි;
මට සුවය දුන මැන, අහෝ ස්වාමින්වහන්ස, මගේ ඇටකටු වේදනාවෙන් කකියයි.
3තව කොපමණ කලක් ද? අහෝ ස්වාමින්වහන්ස,
මම තව කොතෙක් කලක් මේ වේදනා උසුලම් ද?
4ආපසු අවුත් මා බේරාගත මැනව, අහෝ ස්වාමින්වහන්ස,
ඔබේ නොමියෙන ප්‍රේමය නිසා මා ගැලෙවුව මැනවි.
5යමකු මැරුණු පසු, ඔහුට ඔබ සිහි කළ නො හැක.
පාතාලයේ සිට ඔබ පසසන්නේ කවුරු ද?
6ඉකි බිඳීමෙන් මම වෙහෙස ව සිටිමි.
හැම රැයක ම කඳුළු පෙරා, මගේ යහන තෙත් බත් කරමි.
මගේ යහන කඳුළින් පොඟවමි.
7මගේ සතුරන් මා සොවට පත් කළෙන්,
හැඬූ නිසා මගේ ඇස්වල පෙනීම, හීන ව ගොසිනි.
8මවෙතින් ඉවත් ව යව්, දුෂ්ටකම් කරන්නෙනි,
මන්ද, ස්වාමින්වහන්සේ මගේ විලාප හඬ ඇසූ සේක.
9දයාව ඉල්ලා මා කළ කන්නලව්ව, ස්වාමින්වහන්සේ ඇසූ සේක,
මගේ යැදුම ස්වාමින්වහන්සේ පිළිගන්න සේක.
10මගේ සියලු සතුරන් පරාජයේ ලජ්ජාවෙන් කැලඹෙනු ඇත;
සැණෙකින් ලජ්ජාවට පත් කර, ඔවුහු ආපසු හරවා යවනු ලබති.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 6: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.