ගීතාවලිය 6:2-6
ගීතාවලිය 6:2-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මට අනුකම්පා කළ මැනව, ස්වාමින්වහන්ස, මම අබල-දුබල ව සිටිමි; මට සුවය දුන මැන, අහෝ ස්වාමින්වහන්ස, මගේ ඇටකටු වේදනාවෙන් කකියයි. තව කොපමණ කලක් ද? අහෝ ස්වාමින්වහන්ස, මම තව කොතෙක් කලක් මේ වේදනා උසුලම් ද? ආපසු අවුත් මා බේරාගත මැනව, අහෝ ස්වාමින්වහන්ස, ඔබේ නොමියෙන ප්‍රේමය නිසා මා ගැලෙවුව මැනවි. යමකු මැරුණු පසු, ඔහුට ඔබ සිහි කළ නො හැක. පාතාලයේ සිට ඔබ පසසන්නේ කවුරු ද? ඉකි බිඳීමෙන් මම වෙහෙස ව සිටිමි.
ගීතාවලිය 6:2-6 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, මම මැලවී සිටිමි; එබැවින් මට කරුණාකළ මැනව. ස්වාමිනි, මාගේ ඇට චලිතව තිබේ; එබැවින් මා සුවකළ මැනව. මාගේ ආත්මයද අතිශයින් කැලඹී තිබේ. ස්වාමිනි, ඔබ ප්‍රමාදවන්නේ කොපමණ කල්ද? ස්වාමිනි, හැරී මාගේ ප්‍රාණය නිදහස්කළමැනව. ඔබගේ කරුණාව නිසා මා ගැළවුවමැනව. මක්නිසාද මරණයේදී ඔබ සිහි කිරීමක් නැත. ෂෙයෝලේදී ඔබට ස්තුතිකරන්නේ කවරෙක්ද? මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි; රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි.
ගීතාවලිය 6:2-6 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව; මාගේ ඇටකටු පොඩි වී ඇත; මා සුව කළ මැනව. මම මුළුමනින් ම කැළඹී සිටිමි; සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද? සමිඳුනි, යළි වැඩම කොට මරණින් මා ගළවාගන්න; ඔබ තිර පෙමින් දැන් මා මුදාලන්න. මන්ද, මරණින් පසු ඔබ ගැන සිහිවීමක් නැත්තේ ය; පාතාලයේ ඔබ හට පැසසීමක් නැත්තේ ය. මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත; කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත
ගීතාවලිය 6:2-6 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව; මාගේ ඇටකටු පොඩි වී ඇත; මා සුව කළ මැනව. මම මුළුමනින් ම කැළඹී සිටිමි; සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද? සමිඳුනි, යළි වැඩම කොට මරණින් මා ගළවාගන්න; ඔබ තිර පෙමින් දැන් මා මුදාලන්න. මන්ද, මරණින් පසු ඔබ ගැන සිහිවීමක් නැත්තේ ය; පාතාලයේ ඔබ හට පැසසීමක් නැත්තේ ය. මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත; කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත
ගීතාවලිය 6:2-6 New International Version (NIV)
Have mercy on me, LORD, for I am faint; heal me, LORD, for my bones are in agony. My soul is in deep anguish. How long, LORD, how long? Turn, LORD, and deliver me; save me because of your unfailing love. Among the dead no one proclaims your name. Who praises you from the grave? I am worn out from my groaning.