ගීතාවලිය 6:2-4
ගීතාවලිය 6:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මට අනුකම්පා කළ මැනව, ස්වාමින්වහන්ස, මම අබල-දුබල ව සිටිමි; මට සුවය දුන මැන, අහෝ ස්වාමින්වහන්ස, මගේ ඇටකටු වේදනාවෙන් කකියයි. තව කොපමණ කලක් ද? අහෝ ස්වාමින්වහන්ස, මම තව කොතෙක් කලක් මේ වේදනා උසුලම් ද? ආපසු අවුත් මා බේරාගත මැනව, අහෝ ස්වාමින්වහන්ස, ඔබේ නොමියෙන ප්‍රේමය නිසා මා ගැලෙවුව මැනවි.
බෙදාගන්න
ගීතාවලිය 6 කියවන්නගීතාවලිය 6:2-4 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, මම මැලවී සිටිමි; එබැවින් මට කරුණාකළ මැනව. ස්වාමිනි, මාගේ ඇට චලිතව තිබේ; එබැවින් මා සුවකළ මැනව. මාගේ ආත්මයද අතිශයින් කැලඹී තිබේ. ස්වාමිනි, ඔබ ප්‍රමාදවන්නේ කොපමණ කල්ද? ස්වාමිනි, හැරී මාගේ ප්‍රාණය නිදහස්කළමැනව. ඔබගේ කරුණාව නිසා මා ගැළවුවමැනව.
බෙදාගන්න
ගීතාවලිය 6 කියවන්නගීතාවලිය 6:2-4 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව; මාගේ ඇටකටු පොඩි වී ඇත; මා සුව කළ මැනව. මම මුළුමනින් ම කැළඹී සිටිමි; සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද? සමිඳුනි, යළි වැඩම කොට මරණින් මා ගළවාගන්න; ඔබ තිර පෙමින් දැන් මා මුදාලන්න.
බෙදාගන්න
ගීතාවලිය 6 කියවන්න