ගීතාවලිය 55:1-7
ගීතාවලිය 55:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇසුව මැනවි, මගේ යැදුම අහෝ දෙවියන්වහන්ස, මගේ අයැදුමෙන් නො සැඟවුණු මැනව; සවන් දී මට උත්තර දුන මැනව. මගේ සිතුවිලි අවුල් වී ඇත්තේත්, මගේ මනස කැලඹී ඇත්තේත් සතුරාගේ ඝෝෂා හඬට ය, දුෂ්ටයින්ගේ රැවුම් බැලුම්වලට ය. මන්ද ඔවුහු මා පිට දුක් පීඩා පමුණුවා, තම කෝපයෙන් මට නින්දා කරති. මා හද, මා තුළ සංවේගයෙන් ගැහෙයි; මරණ භීතිය මා ආක්‍රමණ කර සිටී. බය සහ වෙවුලුම මා වට කොට ගත්තේ ය; සංත්‍රාසය මා යටකොට ගත්තේ ය; එවිට මම මෙසේ කීවෙමි: “අහෝ! පරෙවියකුට මෙන් මට පියාපත් ඇත්නම්! මම ඈතට පියඹා, විවේකී ව සිටින්නෙමි. මම දුර ඈතට පලා ගොසින්, කාන්තාරයේ නවාතැන් ගන්නෙමි. සෙලා
ගීතාවලිය 55:1-7 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්ස, මාගේ යාච්ඤාවට කන්දුන මැනව; මාගේ කන්නලව්ව කෙරෙන් නොසැඟවුණ මැනව, මා දෙසට කන් යොමා මට උත්තර දුන මැනව. සතුරාගේ ශබ්දය නිසාත්, දුෂ්ටයාගේ පීඩාව නිසාත්, මම කැලඹුණු සිතින් මැසිවිලි කියමින් කෙඳිරිගාමි. මක්නිසාද ඔව්හු මා පිට අයුතුකම් පවරති, තරහෙන් මට පීඩාකෙරෙති. මාගේ සිත මා තුළ තද වේදනා සහිත වෙයි. මරණ භීතිය මා පිට වැටී තිබේ. භයත් වෙවුලුමත් මා කරා පැමිණ තිබේ, භයංකරය මා වසාගත්තේය. මමද කථාකොට: අනේ මට කොබොයියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට ඉගිලී ගොස් නිශ්චලව සිටින්නෙමි. බලව, එසේනම් මම ඈත පලාගොස්, වනයෙහි නවාතැන් ගන්නෙමි.
ගීතාවලිය 55:1-7 Sinhala New Revised Version (NRSV)
අහෝ දෙවිඳුනි! මාගේ යැදුමට සවන් දුන මැනව; මාගේ ඉල්ලීම පැහැර නොහැරිය මැනව. මා කියන දේ සලකා පිළිතුරු දුන මැනව. මම කරදරයෙහි ගිලී සිටිමි. සතුරාගේ ගෝරනාඩුවෙන් ද දුදනාගේ පීඩනයෙන් ද මම තැතිගනිමි. ඔව්හු මා පිට කරදර පටවා මට සතුරුකම් කරන්නෝ ය. මාගේ හදවත ගැහි ගැහී ඇත්තේ ය; මරණ බිය මා ලුහුබැඳ එන්නේ ය. භීතිය ද ත්රාසය ද මට තදින් පීඩා කරන්නේ ය; බියෙන් මාගේ ඇඟ කිලිපොළා යන්නේ ය. අනේ! මටත් පරෙවියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට මම පියාඹා ගොස් විවේකය ලබන්නෙමි. මම බොහෝ ඈතට ම පියාඹා යන්නෙමි; පාළුකරයට ගොස් පදිංචි වන්නෙමි.
ගීතාවලිය 55:1-7 Sinhala New Revised Version 2018 (SNRV)
අහෝ දෙවිඳුනි! මාගේ යැදුමට සවන් දුන මැනව; මාගේ ඉල්ලීම පැහැර නොහැරිය මැනව. මා කියන දේ සලකා පිළිතුරු දුන මැනව. මම කරදරයෙහි ගිලී සිටිමි. සතුරාගේ ගෝරනාඩුවෙන් ද දුදනාගේ පීඩනයෙන් ද මම තැතිගනිමි. ඔව්හු මා පිට කරදර පටවා මට සතුරුකම් කරන්නෝ ය. මාගේ හදවත ගැහි ගැහී ඇත්තේ ය; මරණ බිය මා ලුහුබැඳ එන්නේ ය. භීතිය ද ත්රාසය ද මට තදින් පීඩා කරන්නේ ය; බියෙන් මාගේ ඇඟ කිලිපොළා යන්නේ ය. අනේ! මටත් පරෙවියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට මම පියාඹා ගොස් විවේකය ලබන්නෙමි. මම බොහෝ ඈතට ම පියාඹා යන්නෙමි; පාළුකරයට ගොස් පදිංචි වන්නෙමි.
ගීතාවලිය 55:1-7 New International Version (NIV)
Listen to my prayer, O God, do not ignore my plea; hear me and answer me. My thoughts trouble me and I am distraught because of what my enemy is saying, because of the threats of the wicked; for they bring down suffering on me and assail me in their anger. My heart is in anguish within me; the terrors of death have fallen on me. Fear and trembling have beset me; horror has overwhelmed me. I said, “Oh, that I had the wings of a dove! I would fly away and be at rest. I would flee far away and stay in the desert