ගීතාවලිය 55:1-7

ගීතාවලිය 55:1-7 SCV

ඇසුව මැනවි, මගේ යැදුම අහෝ දෙවියන්වහන්ස, මගේ අයැදුමෙන් නො සැඟවුණු මැනව; සවන් දී මට උත්තර දුන මැනව. මගේ සිතුවිලි අවුල් වී ඇත්තේත්, මගේ මනස කැලඹී ඇත්තේත් සතුරාගේ ඝෝෂා හඬට ය, දුෂ්ටයින්ගේ රැවුම් බැලුම්වලට ය. මන්ද ඔවුහු මා පිට දුක් පීඩා පමුණුවා, තම කෝපයෙන් මට නින්දා කරති. මා හද, මා තුළ සංවේගයෙන් ගැහෙයි; මරණ භීතිය මා ආක්‍රමණ කර සිටී. බය සහ වෙවුලුම මා වට කොට ගත්තේ ය; සංත්‍රාසය මා යටකොට ගත්තේ ය; එවිට මම මෙසේ කීවෙමි: “අහෝ! පරෙවියකුට මෙන් මට පියාපත් ඇත්නම්! මම ඈතට පියඹා, විවේකී ව සිටින්නෙමි. මම දුර ඈතට පලා ගොසින්, කාන්තාරයේ නවාතැන් ගන්නෙමි. සෙලා

මෙයට අදාළ වීඩියෝ

ගීතාවලිය 55:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය