ගීතාවලිය 51:7-10
ගීතාවලිය 51:7-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හිසොප් ඉත්තෙන් ඉස, මා ශුද්ධ කළ මැනව; එවිට මම පවිත්‍ර වන්නෙමි. මා දෝවනය කළ මැනවි; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි, ප්‍රීතියත්, ප්‍රමෝදයත් යළි මට අසන්නට සැලසුව මැනව. ඔබ බිඳිනු ලැබූ මගේ ඇටකටු දැන් සොම්නස් වේවා! මගේ පාප වෙතින් ඔබේ මුහුණ සඟවා ගත මැනව. මගේ සියලු අයුතුකම් මකා දැමුව මැනව. මා තුළෙහි පවිත්‍ර හදක් නිර්මාණ කළ මැනවි. අහෝ දෙවියන්වහන්ස, තිරසර ආත්මයකින් මා ඇතුළාන්තය අලුත් කළ මැනව.
ගීතාවලිය 51:7-10 Sinhala Revised Old Version (SROV)
හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි. ඔබ බින්දාවූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව. මාගේ පාපය කෙරෙන් ඔබගේ මුහුණ සඟවාගත මැනව, මාගේ සියලු අයුතුකම් මැකුව මැනව. දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.
ගීතාවලිය 51:7-10 Sinhala New Revised Version (NRSV)
ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි. මා සිතට සතුට හා සොම්නස දුන මැනව; ඔබ තැළූ පෙළූ මා කයට යළි සුව සෙත දුන මැනව. මාගේ පවින් ඔබේ බැල්ම හරවා ගත මැනව; මාගේ සියලු අපරාධ මකා හැරිය මැනව. දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව.
ගීතාවලිය 51:7-10 Sinhala New Revised Version 2018 (SNRV)
ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි. මා සිතට සතුට හා සොම්නස දුන මැනව; ඔබ තැළූ පෙළූ මා කයට යළි සුව සෙත දුන මැනව. මාගේ පවින් ඔබේ බැල්ම හරවා ගත මැනව; මාගේ සියලු අපරාධ මකා හැරිය මැනව. දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව.
ගීතාවලිය 51:7-10 New International Version (NIV)
Cleanse me with hyssop, and I will be clean; wash me, and I will be whiter than snow. Let me hear joy and gladness; let the bones you have crushed rejoice. Hide your face from my sins and blot out all my iniquity. Create in me a pure heart, O God, and renew a steadfast spirit within me.