ගීතාවලිය 51:1-4
ගීතාවලිය 51:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ දෙවියන්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමය නිසා, මට දයා වුව මැනව; ඔබගේ ඉමහත් අනුකම්පාවට අනුව, මගේ අපරාධය මකා දැමුව මැනව; මගේ සියලු අයුතුකමින් මා සෝදා, මගේ පාපයෙන් මා පවිත්‍ර කළ මැනව. මන්ද මගේ අපරාධ මම හඳුනමි, මගේ පාප නිතර දෙවේලේ මට සිහිවෙයි. ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කර ඇත්තෙමි. ඔබ හමුවේ දුෂ්ටකම් කළෙමි; ඒ ගැන ඔබ පවසන කල, ඔබ සාධාරණ ය. ඔබ විනිශ්චය කරන කල, ඔබ යුක්ති සහගත ය.
ගීතාවලිය 51:1-4 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව. මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව. මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතරම මා ඉදිරියෙහිය. ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව, පව්කෙළෙමි, ඔබගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කෙළෙමි. එබැවින් ඔබ කථාකරන කල සාධාරණසේක, විනිශ්චයකරන කල ඔබ ශුද්ධසේක.
ගීතාවලිය 51:1-4 Sinhala New Revised Version (NRSV)
දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව. මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව; මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව. මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ. ඔබට විරුද්ධව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය.
ගීතාවලිය 51:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව. මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව; මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව. මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ. ඔබට විරුද්ධව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය.
ගීතාවලිය 51:1-4 New International Version (NIV)
Have mercy on me, O God, according to your unfailing love; according to your great compassion blot out my transgressions. Wash away all my iniquity and cleanse me from my sin. For I know my transgressions, and my sin is always before me. Against you, you only, have I sinned and done what is evil in your sight; so you are right in your verdict and justified when you judge.
