ගීතාවලිය 46:5-7
ගීතාවලිය 46:5-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ එපුර ඇතුළත වැඩ වසන සේක. එය ඇද වැටෙන්නේ නැත; හිමිදිරි උදයෙන් දෙවියන්වහන්සේ එයට උපකාර කරන සේක. ජාතීන් අතර මහත් නො සන්සුන්තාවකි; රාජ්‍යයෝ වැටී යති; උන්වහන්සේ උස් හඬ නගන සේක, පොළොව උණුවී යයි. සේනාංකාධිපති ස්වාමින්වහන්සේ අප සමඟ ය. යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බළකොටුව ය. සෙලා
ගීතාවලිය 46:5-7 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ ඒ මැද සිටිනසේක; එය නොසෙල්වන්නේය. දෙවියන්වහන්සේ අලුයම්හිම එයට උපකාරකරනසේක. ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය. සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.
ගීතාවලිය 46:5-7 Sinhala New Revised Version (NRSV)
දෙවි තුමාණෝ ඒ නුවර වැඩ වසන සේක. ඊට කිසි දා විපතක් නොවනු ඇත. දෙවි තුමාණෝ අලුයම් වේලෙහි ඊට පිහිට වන සේක. ජාතීහු කෝලහල කළහ; රාජධානි බිඳ වැටිණි. දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක. මහ පොළොව දිය විණි. සව් බලැති සමිඳාණෝ අප සමඟ ය. ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.
ගීතාවලිය 46:5-7 Sinhala New Revised Version 2018 (SNRV)