ගීතාවලිය 38:1-11

ගීතාවලිය 38:1-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ කෝපයෙන් මට තරවටු නො කළ මැනව. ඔබගේ උදහසින් මට දඬුවම් නො කළ මැනව. මන්ද ඔබගේ හී ගස් මා සිදුරු කොට ඇත; ඔබගේ හස්තය මා පිට බර වී ඇත. ඔබගේ උදහස නිසා මගේ මාංසයට කිසි සනීපයක් නැත. මගේ පාප නිසා, මගේ ඇටකටුවල සුවයක් නැත. මන්ද මගේ අයුතුකම්, මගේ හිසටත් උඩින් ගොසිනි. මහා බරක් සේ වූ ඒවා, මට බර වැඩි ය. මගේ මෝඩකම් නිසා ම, මගේ තුවාල පැසවා, පිළිකුල් සහගත ව ඇත. යටත් කරනු ලැබ, මම පහළට ඇද දමනු ලැබ සිටිමි; දවස මුළුල්ලේ මම හඬා වැලපෙමින් සිටිමි. මගේ තුනටිය දැඩි වේදනාවෙන් දැවෙයි; මගේ මාංසයේ සනීපයක් ඇත්තේ ම නැත. මුළුමනින් ම මිරිකා පොඩිකරනු ලැබ, මම බෙලහීන ව සිටිමි. සංවේගී හදවතින් මම කෙඳිරි ගාන්නෙමි. අහෝ සමිඳුනි, දැඩි සේ මා ආශා වන සියල්ල ඔබ ඉදිරියේ ය; මගේ සෝ සුසුම් ඔබගෙන් සැඟවී නැත. මගේ හදවත ගැස්සෙයි; ගතේ සවිය ගෙවී යනු, මට දැනේ; ඇස්වල එළිය පවා මවෙතින් බැහැර ව ගොසිනි. මගේ මිතුරෝ හා මගේ සගයෝ මගේ විපත් නිසා මා මග හරිති; මගේ ළඟ ම නෑයින් පවා සිටගන්නේ මගෙන් ඈත් ව ය.

ගීතාවලිය 38:1-11 Sinhala Revised Old Version (SROV)

ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව. ඔබගේ කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව. මක්නිසාද ඔබගේ ඊගස් මට තදින් ඇනී තිබේ, ඔබගේ අතද මා පිට බරවේ. ඔබගේ උදහස නිසා මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත; මාගේ පාපය නිසා මාගේ ඇටවලට කිසි සැපයක් නැත. මක්නිසාද මාගේ අයුතුකම් මාගේ හිස වසා නැංගේය. ඒවා අධික බරක් මෙන් මට ඉතා බරවෙයි. මාගේ මෝඩකම නිසා මාගේ තුවාල දුර්ගන්ධව පිළිකුල්ව තිබේ. මම වේදනා විඳිමින් අතිශයින් නැමී වැතිර සිටිමි; දවස මුළුල්ලේම වැලපෙමින් පසුවෙමි. මක්නිසාද මාගේ තුනටිය දැවිල්ලෙන් පිරී තිබේ; මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත. මම ක්ලාන්තව බොහෝසෙයින් තැළී සිටිමි. මාගේ සිතේ කැළඹීම නිසා මොර ගෑමි. ස්වාමිනි, මාගේ මුළු ආශාව ඔබ ඉදිරියෙහිය; මාගේ සුසුම්ලෑමද ඔබගෙන් සැඟවී නැත. මාගේ හෘදය සැලෙයි, මාගේ ශක්තිය හීනවෙයි. මාගේ ඇසේ එළිය පවා මා කෙරෙන් පහව ගියේය. මට ආදර ඇත්තෝද මාගේ මිත්‍රයෝද මාගේ විපත්තිය කෙරෙන් ඈත්ව සිටිති; මාගේ නෑයෝ දුරින් සිටිති.

ගීතාවලිය 38:1-11 Sinhala New Revised Version (NRSV)

සමිඳුනි, උදහස් වී මට තරවටු නොකළ මැනව; කෝපයෙන් ඇවිළී මට දඬුවම් නුදුන මැනව. ඔබ ඊගසින් විද මට තුවාළ කොට ඇත; බලවත් ලෙස මා තළා පෙළා ඇත. ඔබේ උදහස නිසා මම දහ දුක් විඳිමි; මාගේ පව් නිසා සර්වාංගය රෝගී වී ඇත. මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැඟී ඇත; ඒවා දැරිය නොහැකි බරක් වී ඇත. මාගේ මෝඩකම් හේතුකොටගෙන මාගේ තුවාළ දුර්ගන්ධ ව, පිළිකුල් ව ඇත. වේදනා විඳිමින්, කුදුගැසී වැතිර සිටිමි. දවස පුරා වැලපෙමින් කල් යවමි. උණෙන් මාගේ තුනටිය දැවෙයි. මාගේ ඇඟපතට කිසි සුවයක් නැත. මම තෙහෙට්ටු වී දැඩි ලෙස තැළී පෙළී සිටිමි; සිතේ කරදර නිසා මම කෙඳිරිගාමි. සමිඳුනි, මාගේ මුළු ආශාව ඔබ දන්න සේක; මාගේ සුසුම්ලෑම ඔබට ඇසේ. මාගේ පපුව ගැහෙයි; කාය ශක්තිය හීන වේගන යයි; ඇස් ද ඇඳිරි වේගන යයි. අසල්වැසියෝ ද හිත මිතුරෝ ද මාගේ තුවාළවල දුගඳ නිසා ඈත් වී සිටිති; මාගේ පවුලේ උදවිය ද මා ළඟට එන්නේ නැත.

ගීතාවලිය 38:1-11 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණන් වහන්ස, උදහස් වී මට තරවටු නොකළ මැනව; කෝපයෙන් ඇවිළී මට දඬුවම් නුදුන මැනව. ඔබ ඊගසින් විද මට තුවාළ කොට ඇත; බලවත් ලෙස මා තළා පෙළා ඇත. ඔබේ උදහස නිසා මම දහ දුක් විඳිමි; මාගේ පව් නිසා සර්වාංගය රෝගී වී ඇත. මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැඟී ඇත; ඒවා දැරිය නොහැකි බරක් වී ඇත. මාගේ මෝඩකම් හේතුකොටගෙන මාගේ තුවාළ දුර්ගන්ධ ව, පිළිකුල් ව ඇත. වේදනා විඳිමින්, කුදුගැසී වැතිර සිටිමි. දවස පුරා වැලපෙමින් කල් යවමි. උණෙන් මාගේ තුනටිය දැවෙයි. මාගේ ඇඟපතට කිසි සුවයක් නැත. මම තෙහෙට්ටු වී දැඩි ලෙස තැළී පෙළී සිටිමි; සිතේ කරදර නිසා මම කෙඳිරිගාමි. සමිඳුනි, මාගේ මුළු ආශාව ඔබ දන්න සේක; මාගේ සුසුම්ලෑම ඔබට ඇසේ. මාගේ පපුව ගැහෙයි; කාය ශක්තිය හීන වේගන යයි; ඇස් ද ඇඳිරි වේගන යයි. අසල්වැසියෝ ද හිත මිතුරෝ ද මාගේ තුවාළවල දුගඳ නිසා ඈත් වී සිටිති; මාගේ පවුලේ උදවිය ද මා ළඟට එන්නේ නැත.