ගීතාවලිය 37:3-11 - Compare All Versions
ගීතාවලිය 37:3-11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා, යහ වැඩ කරන්න; දේශයෙහි වෙසෙමින් සමෘද්ධිය භුක්ති විඳින්න. ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද වන්න; උන්වහන්සේ ඔබේ හදේ අභිලාෂය ඉටු කරන සේක. ඔබේ ජීවිත මාර්ගය ස්වාමින්වහන්සේට භාරකරන්න; උන්වහන්සේ පිට විශ්වාසය තබන්න; එවිට උන්වහන්සේ මෙසේ කරන සේක: උන්වහන්සේ ඔබේ දමිටුකම, අරුණෝදය මෙන් ද ඔබේ යුක්තිය, මද්දහන් හිරු මෙන් ද බබළන්නට සලසන සේක. ස්වාමින්වහන්සේ ඉදිරියේ සන්සුන් ව, ඉවසිලිවත් ව සිටින්න! මිනිසුන් තමන්ගේ මාර්ගවල සඵල වෙද්දී, ඔවුන් තම දුෂ්ට උපාය මාර්ග ක්‍රියාත්මක කරද්දී, නො කලකිරෙන්න. කෝපවීමෙන් වළකින්න: උදහස අතහරින්න; නො කලකිරෙන්න; කලකිරීමෙන් වන්නේ නපුරට යොමුවීම පමණි. මන්ද දුෂ්ටකම් කරන්නෝ සිඳ දමනු ලබන්නෝ ය. එහෙත් ස්වාමින්වහන්සේ උදෙසා බලා සිටින්නෝ දේශය උරුම කර ගන්නෝ ය. ටික කලකින් දුෂ්ටයෝ අතුරුදහන් ව යති; ඔබ ඔවුන් ගැන සොයා බැලුවත් ඔවුන් තවත් නැත. එහෙත් මෘදු ගුණ ඇත්තෝ, දේශය උරුම කර ගනිති; ඔවුහු සෞභාග්‍යය, සාමයෙන් භුක්ති විඳිති.
ගීතාවලිය 37:3-11 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව. ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක. ඔබගේ මාර්ගය ස්වාමීන්ට භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ටකරනසේක. උන්වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම එළිය මෙන්ද ඔබගේ යුක්තිය මද්දහන මෙන්ද නික්මවනසේක. ස්වාමීන් කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව. තමාගේ මාර්ගයෙහි දියුණුවන්නාද නපුරු ප්‍රයෝග ඉෂ්ටකරගන්නාද නිසා කල නොකිරෙව. තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය. මක්නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නනෝය. නුමුත් ස්වාමීන් කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය. මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය. නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.
ගීතාවලිය 37:3-11 NRSV (Sinhala New Revised Version)
සමිඳුන් කෙරේ විශ්වාසය තබා යහපත කරන්න; දේශයෙහි සුව සේ වෙසෙන්න. සමිඳුන් කෙරේ ප්‍රීතිමත් වන්න; එතුමන් ඔබේ මන දොළ ඉටු කරනු ඇත. ඔබේ ඉරණම හිමි තුමන්ට භාර දෙන්න; එතුමන් කෙරේ විශ්වාසය තබන්න; හිමි තුමන් හැම දෙය ඉටු කර දෙනු ඇත. හිමි තුමන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක. සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න. කෝපයෙන් වැළකෙන්න; උදහසින් ඈත් වන්න; නොකලකිරෙන්න; මේවායින් ඇති වන්නේ නපුර පමණ ය. නපුර කරන්නෝ නෙරපා දමනු ලබන්නෝ ය. හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නෝ දේශය හිමි කරගන්නෝ ය. දුදනා මඳ කලකින් නැති වී යයි; ඔබ ඔහු සෙව්වත් ඔහු නැත. මුදු මොළොක් සිත් ඇත්තෝ දේශය හිමි කරගනිති; ඔව්හු සව්සිරි වින්දනය කරති.
ගීතාවලිය 37:3-11 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ කෙරේ විශ්වාසය තබා යහපත කරන්න; දේශයෙහි සුව සේ වෙසෙන්න. සමිඳුන් කෙරේ ප්‍රීතිමත් වන්න; එතුමාණෝ ඔබේ මන දොළ ඉටු කරනු ඇත. ඔබේ ගමන් මඟ හිමිතුමාණන්ට භාර දෙන්න; එතුමාණෝ කෙරේ විශ්වාසය තබන්න; හිමිතුමාණන් හැම දෙය ඉටු කර දෙනු ඇත. හිමිතුමාණන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක. සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමාණන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න. කෝපයෙන් වැළකෙන්න; උදහසින් ඈත් වන්න; නොකලකිරෙන්න; මේවායින් ඇති වන්නේ නපුර පමණ ය. නපුර කරන්නෝ නෙරපා දමනු ලබන්නෝ ය. හිමිතුමාණන් කෙරේ විශ්වාසය තබන්නෝ දේශය හිමි කරගන්නෝ ය. දුදනා මඳ කලකින් නැති වී යයි; ඔබ ඔහු සෙව්වත් ඔහු නැත. මුදු මොළොක් සිත් ඇත්තෝ දේශය හිමි කරගනිති; ඔව්හු සව්සිරි වින්දනය කරති.
ගීතාවලිය 37:3-11 NIV (New International Version)
Trust in the LORD and do good; dwell in the land and enjoy safe pasture. Take delight in the LORD, and he will give you the desires of your heart. Commit your way to the LORD; trust in him and he will do this: He will make your righteous reward shine like the dawn, your vindication like the noonday sun. Be still before the LORD and wait patiently for him; do not fret when people succeed in their ways, when they carry out their wicked schemes. Refrain from anger and turn from wrath; do not fret—it leads only to evil. For those who are evil will be destroyed, but those who hope in the LORD will inherit the land. A little while, and the wicked will be no more; though you look for them, they will not be found. But the meek will inherit the land and enjoy peace and prosperity.