ගීතාවලිය 34:4-8 - Compare All Versions
ගීතාවලිය 34:4-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මම ස්වාමින්වහන්සේ සෙවීමි; උන්වහන්සේ මට පිළිතුරු දුන් සේක්; මගේ සියලු බයින් මා මිදූ සේක. උන්වහන්සේ දෙස බලා සිටින්නෝ ප්‍රීතියෙන් දිදුලන්නෝ ය. කිසි කලෙක ඔවුන්ගේ මුහුණු ලජ්ජාවෙන් නො වැසේ. මේ දුප්පතා මොර ගැසී ය; ස්වාමින්වහන්සේ ඔහුට සවන් දී, ඔහුගේ සියලු විපත්වලින් ඔහු මිදූ සේක. ස්වාමින්වහන්සේගේ දූතයා, උන්වහන්සේට භය පක්ෂවූවන් වටා කඳවුරු බැඳ, ඔවුන් මුදාලයි. ස්වාමින්වහන්සේ ගුණ යහපත් වග රස බලා ඔබ ම අත්දකින්න; උන්වහන්සේ තුළ සරණයන්නා භාග්‍යවත් ය.
ගීතාවලිය 34:4-8 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක. ඔව්හු උන්වහන්සේ දෙස බලා එළිය ලැබුවෝය. ඔවුන්ගේ මුහුණු කිසි කලකත් ලජ්ජා නොවන්නේය. මේ දුප්පතා මොරගැසුවේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ බස් අසා, ඔහුගේ සියලු දුක්වලින් ඔහු ගැළවූසේක. ස්වාමීන්ගේ දූතයා උන්වහන්සේට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන් මුදාහරියි. ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
ගීතාවලිය 34:4-8 NRSV (Sinhala New Revised Version)
මම හිමි තුමන් සොයා ගියෙමි; එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය. ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය. හිමි තුමන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක. හිමි තුමන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි. හිමි තුමන් ගුණවත් බව ඔබ ම අත්දැකීමෙන් දැනගන්න; එතුමන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි.
ගීතාවලිය 34:4-8 SNRV (Sinhala New Revised Version 2018)
මම හිමිතුමාණන් සොයා ගියෙමි; එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක. එතුමාණෝ දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය. ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය. හිමිතුමාණන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක. හිමිතුමාණන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි. හිමිතුමාණන් ගුණවත් බව ඔබ ම අත්දැකීමෙන් දැනගන්න; එතුමාණන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි.
ගීතාවලිය 34:4-8 NIV (New International Version)
I sought the LORD, and he answered me; he delivered me from all my fears. Those who look to him are radiant; their faces are never covered with shame. This poor man called, and the LORD heard him; he saved him out of all his troubles. The angel of the LORD encamps around those who fear him, and he delivers them. Taste and see that the LORD is good; blessed is the one who takes refuge in him.