ගීතාවලිය 32:3-7
ගීතාවලිය 32:3-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා නිහඬ ව සිටිමින්, දවස මුළුල්ලේ කෙඳිරිගාමින් සිටි කල, මගේ ඇටකටු දිරා යන්නට විය. ශික්ෂණයේ ඔබගේ හස්තය, දිවා රෑ දෙකේදී ම මා පිට බර ව තිබිණ; ග්‍රීෂ්ම කල දැඩි උණුසුමට හසුවූවාක් මෙන් මගේ ශක්තිය ද සිඳී ගොස් තිබිණ. සෙලා එබැවින්, මගේ පාප මම ඔබට ප්‍රකාශ කළෙමි. මගේ අයුතුකම් මම නො සැඟවීමි, “මගේ වැරදි ස්වාමින්වහන්සේට පාපොච්චාරණ කරමි” යි කීවෙමි. මගේ පාපයේ වරද එවිට ඔබ කමා කළ සේක. සෙලා එබැවින් ධාර්මික වූ හැම කෙනෙක් ම ඔබ හමු විය හැකි අවස්ථාවේ ඔබට යාච්ඤා ඔප්පු කරත්වා; මහා ජලගැල්ම නැග ආ කල, සැබවින් ම එය ඔහුට ළං නො වේ. මගේ සැඟවුම් පොළ ඔබ ය. කරදරවලින් ඔබ මා මුදන සේක; මිදීමේ ඔල්වර හඬින් මා වට කරන සේක. සෙලා
ගීතාවලිය 32:3-7 Sinhala Revised Old Version (SROV)
මා නිශ්ශබ්දව සිටි කල, දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය. මක්නිසාද දිවා රාත්‍රි දෙක්හිම ඔබගේ හස්තය මා පිට බරවිය. මාගේ ඕජස් ගතිය ග්‍රීෂ්ම කාලයේ වියළීම මෙන් විය. මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන්ට කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක. එසේ හෙයින් ඔබ සම්බවිය හැකි ප්‍රස්තාවයකදී සෑම භක්තිවන්තයාම ඔබට යාච්ඤාකෙරේවා. සැබවින් මහත් ජලධාරාවන් ගලන කල ඒවා ඔහු වෙතට නොපැමිණෙන්නේය. මාගේ සැඟවෙන ඉඩම නම් ඔබය; දුකට නොපැමිණෙන ලෙස ඔබ මා ආරක්ෂාකරනසේක; මිදීමේ ගීතිකාවලින් ඔබ මා වටකරනසේක.
ගීතාවලිය 32:3-7 Sinhala New Revised Version (NRSV)
මාගේ වරද ගැන නිහඬ ව සිටිමින්, දවස පුරා කඳුළු හෙළා සුසුම් ලෑමෙන් මාගේ ඇඟපත දිරා ගියේ ය. දිවා රෑ දෙකේ දී ම ඔබ මට දඬුවම් කළ සේක; මාගේ ශක්තිය පහ ව ගියේ ය. ගිම්හානයේ දී නැති වන දියසීරාව මෙන් වියළී ගියේ ය. මාගේ පව් නොසඟවා මම පාපෝච්චාරණය කෙළෙමි. “හිමි තුමන්ට මාගේ පව් කියන්නෙමි”යි කීමි. ඔබ ද මාගේ පාප දෝෂ කමා කළ සේක. එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි. මා රැකවරණය ඔබ ය; දුක් දොම්නසින් ඔබ මා රක්නා සේක. විමුක්ති ගීත මා අවටින් මතු වෙයි.
ගීතාවලිය 32:3-7 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ වරද ගැන නිහඬ ව සිටිමින්, දවස පුරා කඳුළු හෙළා සුසුම් ලෑමෙන් මාගේ ඇඟපත දිරා ගියේ ය. දිවා රෑ දෙකේ දී ම ඔබ මට දඬුවම් කළ සේක; මාගේ ශක්තිය පහ ව ගියේ ය. ගිම්හානයේ දී නැති වන දියසීරාව මෙන් වියළී ගියේ ය. මාගේ පව් නොසඟවා මම පාපෝච්චාරණය කෙළෙමි. “හිමිතුමාණන්ට මාගේ පව් කියන්නෙමි”යි කීමි. ඔබ ද මාගේ පාප දෝෂ කමා කළ සේක. එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි. මා රැකවරණය ඔබ ය; දුක් දොම්නසින් ඔබ මා රක්නා සේක. විමුක්ති ගීත මා අවටින් මතු වෙයි.
ගීතාවලිය 32:3-7 New International Version (NIV)
When I kept silent, my bones wasted away through my groaning all day long. For day and night your hand was heavy on me; my strength was sapped as in the heat of summer. Then I acknowledged my sin to you and did not cover up my iniquity. I said, “I will confess my transgressions to the LORD.” And you forgave the guilt of my sin. Therefore let all the faithful pray to you while you may be found; surely the rising of the mighty waters will not reach them. You are my hiding place; you will protect me from trouble and surround me with songs of deliverance.