ගීතාවලිය 31:1-4
ගීතාවලිය 31:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සරණය සොයමි මම, ඔබවහන්සේ තුළ, අහෝ ස්වාමින්වහන්ස, ලජ්ජාවට පත්වන්න කිසි දින මට ඉඩ නො තබනු මැනවි; මුදනු මැනවි මා, ඔබේ දමිටුකම නිසා. යොමනු මැනවි ඔබේ සවන මා වෙත, ඉක්මන් වුව මැනවි මා බේරා ගන්නට; මා ගලවා ගන්නට සවිමත් බළකොටුවක්, සරණයේ පර්වතය වුව මැනව මට. ඔබ ම ය මගේ පර්වතයත්, මගේ බළකොටුවත්; ඔබගේ නාමයේ ගෞරවය උදෙසා, මට පෙරටුව ගිය මැනව; මට මගපෙන්වුව මැනව. සඟවා මට එළන ලද දැලෙන් මා ඉවතට ගනු මැනව. මන්ද, ඔබ ය, මගේ සරණ ය.
ගීතාවලිය 31:1-4 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබ කෙරෙහි විශ්වාසකරමි; කිසිකලකත් ලජ්ජා නොවෙම්වා. ඔබගේ ධර්මිෂ්ඨකමින් මා මිදුව මැනව. මා දෙසට ඔබගේ කන නමා, ඉක්මනින් මා මිදුව මැනව. මා ගළවන්ට ශක්තිමත් පර්වතයක්ද ආරක්ෂා ගෘහයක්ද වුව මැනව. මක්නිසාද ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය; එබැවින් ඔබගේ නාමය නිසා මට මඟ පෙන්වමින් මා ගෙනගිය මැනව. ඔවුන් රහසින් මට හෙළූ දැලින් මා බැහැරගත මැනව; මක්නිසාද ඔබ මාගේ රක්ෂාස්ථානයය.
ගීතාවලිය 31:1-4 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, ඔබේ රැකවරණය සොයා එමි. කිසිදාක මම නින්දාවට පත් නොවෙම්වා. ඔබේ දැහැමිකමින් මා මුදාලුව මැනව. මා දෙස ඔබේ දෙසවන යොමා, නොපමා ව මා මිදුව මැනව, මට බලගතු විමුක්ති පර්වතයක් ද ආරක්ෂක බලකොටුවක් ද වුව මැනව. ඔබ මාගේ පර්වතය හා බලකොටුව ය. එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වා මා ගෙන ගිය මැනව. මා ඇල්ලීමට ඔවුන් සඟවා ඇති දැලෙන් මා බේරාගත මැනව. ඔබ මාගේ රක්ෂස්ථානය ය.
ගීතාවලිය 31:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්ස, ඔබේ රැකවරණය සොයා එමි. කිසිදාක මම නින්දාවට පත් නොවෙම්වා. ඔබේ දැහැමිකමින් මා මුදාලුව මැනව. මා දෙස ඔබේ දෙසවන යොමා, නොපමා ව මා මිදුව මැනව, මට බලගතු විමුක්ති පර්වතයක් ද ආරක්ෂක බලකොටුවක් ද වුව මැනව. ඔබ මාගේ පර්වතය හා බලකොටුව ය. එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වා මා ගෙන ගිය මැනව. මා ඇල්ලීමට ඔවුන් සඟවා ඇති දැලෙන් මා බේරාගත මැනව. ඔබ මාගේ රක්ෂස්ථානය ය.
ගීතාවලිය 31:1-4 New International Version (NIV)
In you, LORD, I have taken refuge; let me never be put to shame; deliver me in your righteousness. Turn your ear to me, come quickly to my rescue; be my rock of refuge, a strong fortress to save me. Since you are my rock and my fortress, for the sake of your name lead and guide me. Keep me free from the trap that is set for me, for you are my refuge.