ගීතාවලිය 31:1-4

ගීතාවලිය 31:1-4 NRSV

සමිඳුනි, ඔබේ රැකවරණය සොයා එමි. කිසිදාක මම නින්දාවට පත් නොවෙම්වා. ඔබේ දැහැමිකමින් මා මුදාලුව මැනව. මා දෙස ඔබේ දෙසවන යොමා, නොපමා ව මා මිදුව මැනව, මට බලගතු විමුක්ති පර්වතයක් ද ආරක්ෂක බලකොටුවක් ද වුව මැනව. ඔබ මාගේ පර්වතය හා බලකොටුව ය. එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වා මා ගෙන ගිය මැනව. මා ඇල්ලීමට ඔවුන් සඟවා ඇති දැලෙන් මා බේරාගත මැනව. ඔබ මාගේ රක්ෂස්ථානය ය.