ගීතාවලිය 29:2-10
ගීතාවලිය 29:2-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේගේ නාමයට හිමි මහිමය ස්වාමින්වහන්සේට දෙව්! උන්වහන්සේගේ ශුද්ධත්වයේ අලංකාරයෙන් ස්වාමින්වහන්සේ නමදිනු! ස්වාමින්වහන්සේගේ කටහඬ සාගර ජලයට ඉහළින් වෙයි; තේජෝ මහිමයේ දෙවියන්වහන්සේ ගර්ජනා කරන්නාහ. ස්වාමින්වහන්සේ මහා ජලයට ඉහළින් ගර්ජනා කරන්නාහ. ස්වාමින්වහන්සේගේ කටහඬ බලයෙන් යුක්ත ය; ස්වාමින්වහන්සේගේ කටහඬ මහානුභාසම්පන්න ය. ස්වාමින්වහන්සේගේ කටහඬ දේවදාර ගස් බිඳ හෙළයි; ස්වාමින්වහන්සේ ලෙබනොන්හි දේවදාර ගස් කැබලි කර දමන්නාහ. ලෙබනොන් කඳු, වසු පැටවකු සේ ද සිරියොන් කන්ද, වල් හරකකු සේ ද පැන, පැන යන්නට සලසන්නේ උන්වහන්සේ ය. ස්වාමින්වහන්සේගේ කටහඬ, විදුලි ධාරා පැන නංවයි. ස්වාමින්වහන්සේගේ කටහඬ කාන්තාරය සලිත කරවයි; ස්වාමින්වහන්සේ කාදෙෂ් කාන්තාරය සලිත කරන්නාහ. ස්වාමින්වහන්සේගේ කටහඬ මුව දෙනුන් ප්‍රසවය කරවයි. වනාන්තරය නිරාවරණ මුඩු බිමක් කරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ලෝ, “මහිමය වේවා!” යි මොර දෙති. ජලගැල්මට ඉහළින් ස්වාමින්වහන්සේ සිංහාසනාරූඪ ව සිටින සේක; ස්වාමින්වහන්සේ සදාතනික රජ්ජුරුවන් ව සිහසුන් පත් ව සිටින්නාහ.
ගීතාවලිය 29:2-10 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ගේ නාමයට දියයුතු මහිමය දෙව්; ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාරකරව්. ස්වාමීන්ගේ ශබ්දය ජල මතුයෙහිය මහිමයෙන් යුක්තවූ දෙවියන්වහන්සේ, එනම් ජල රාශි මතුයෙහි වැඩසිටින ස්වාමීන්වහන්සේ ගර්ජනා කරනසේක. ස්වාමීන්ගේ ශබ්දය බලවත්ය; ස්වාමීන්ගේ ශබ්දය මහිමයෙන් පූර්ණය. ස්වාමීන්ගේ ශබ්දය කිහිරිගස් බිඳියි; එසේය, ස්වාමීන්වහන්සේ ලෙබනොන්හි කිහිරිගස් කැබෙලිකොට බිඳිනසේක. උන්වහන්සේ ඒවා වස්සෙකු මෙන්ද ලෙබනොන් සහ සිරියොන් කඳු තරුණ වල් ගොනෙකු මෙන්ද පෙම්කෙළින්ට සලස්වනසේක. ස්වාමීන්ගේ ශබ්දය ගිනිදැල් බෙදයි. ස්වාමීන්ගේ ශබ්දය වනාන්තරය සොලවයි; ස්වාමීන්වහන්සේ කාදෙෂ් වනාන්තරය සොලවනසේක. ස්වාමීන්ගේ ශබ්දය මුවදෙනුන් ප්‍රසවයකරවයි, වනය පාළුකරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ල: මහිමය වේවා කියයි. ස්වාමීන්වහන්සේ ජලගැල්මෙහිදී රජෙකු මෙන් වැඩහුන්සේක; එසේය, ස්වාමීන්වහන්සේ රජෙකු මෙන් සදාකල් වැඩහිඳිනසේක.
ගීතාවලිය 29:2-10 Sinhala New Revised Version (NRSV)
හිමි තුමන් නමට දිය යුතු මහිමය දෙන්න; පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමන් නමදින්න. සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ. ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක. සමිඳාණන්ගේ හඬ බලවත් ය; සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය. සමිඳාණන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි; ලෙබනොනේ කිහිරි රුක් සුණු විසුණු කරයි. ලෙබනොන්හි කඳු වැටි උඩ පනින වහු පැටවුන් මෙන් ද හර්මොන් කන්ද දුව පනින ගොන් වස්සකු මෙන් ද නටන්න සලස්වන සේක. සමිඳුන්ගේ කටහඬ ගිනි දලු බෙදාලයි; සමිඳුන්ගේ කටහඬ වන ගැබ සොලවයි; හිමි තුමාණෝ කාදෙෂ් වන ගැබ සොලවති. සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි. සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක; රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක.
ගීතාවලිය 29:2-10 Sinhala New Revised Version 2018 (SNRV)
හිමිතුමාණන් නමට දිය යුතු මහිමය දෙන්න; පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමාණෝ නමදින්න. සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ. ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක. සමිඳාණන්ගේ හඬ බලවත් ය; සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය. සමිඳාණන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි; ලෙබනොනේ කිහිරි රුක් සුණු විසුණු කරයි. ලෙබනොන්හි කඳු වැටි උඩ පනින වහු පැටවුන් මෙන් ද හර්මොන් කන්ද දුව පනින ගොන් වස්සකු මෙන් ද නටන්න සලස්වන සේක. සමිඳුන්ගේ කටහඬ ගිනි දලු බෙදාලයි; සමිඳුන්ගේ කටහඬ වන ගැබ සොලවයි; හිමිතුමාණෝ කාදෙෂ් වන ගැබ සොලවති. සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමාණන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි. සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක; රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක.
ගීතාවලිය 29:2-10 New International Version (NIV)
Ascribe to the LORD the glory due his name; worship the LORD in the splendor of his holiness. The voice of the LORD is over the waters; the God of glory thunders, the LORD thunders over the mighty waters. The voice of the LORD is powerful; the voice of the LORD is majestic. The voice of the LORD breaks the cedars; the LORD breaks in pieces the cedars of Lebanon. He makes Lebanon leap like a calf, Sirion like a young wild ox. The voice of the LORD strikes with flashes of lightning. The voice of the LORD shakes the desert; the LORD shakes the Desert of Kadesh. The voice of the LORD twists the oaks and strips the forests bare. And in his temple all cry, “Glory!” The LORD sits enthroned over the flood; the LORD is enthroned as King forever.