ගීතාවලිය 27:8-10
ගීතාවලිය 27:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ ගැන මගේ හද පවසන්නේ, “උන්වහන්සේගේ මුහුණ සොයන්න!” කියා ය; ස්වාමින්වහන්ස, සැබවින් ම මම ඔබේ මුහුණ සොයන්නෙමි. මා වෙතින් ඔබේ මුහුණ නො සැඟවුව මැනව; කෝපයෙන් ඔබේ මෙහෙකරුවා පලවා නො හැරිය මැනව; කවදත් මගේ උපකාරයට සිටියේ ඔබ ය. මා බැහැර නො කළ මැනව, මා අතහැර නො දැමුව මැනව, මගේ ගැලවුම්කාර දෙවියන්වහන්ස. මගේ මවත්, පියාත් මා අත්හැර දමන්නේ වුව ද, ස්වාමින්වහන්සේ මා පිළිගන්නා සේක.
ගීතාවලිය 27:8-10 Sinhala Revised Old Version (SROV)
මාගේ මුහුණ සොයව්යයි ඔබ කීකල, ස්වාමිනි, ඔබගේ මුහුණ සොයන්නෙමියි මාගේ සිත ඔබට කීය. ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; උදහසින් ඔබගේ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ පිහිට වූසේක; මාගේ ගැළවීමේ දෙවියන්වහන්ස, මා පහ නොකළ මැනව, අත් නොහළ මැනව. මාගේ පියාද මවුද මා අත්හැරියෝය, නුමුත් ස්වාමීන්වහන්සේ මා පිළිගන්නසේක.
ගීතාවලිය 27:8-10 Sinhala New Revised Version (NRSV)
“මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, “ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි. මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව; උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ සරණ වන සේක. මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව; මා අත් නොහළ මැනව. මාගේ මවුපිය දෙදෙනා මා අත්හැරියෝ ය; එහෙත්, හිමි තුමාණෝ මා පිළිගන්න සේක.
ගීතාවලිය 27:8-10 Sinhala New Revised Version 2018 (SNRV)
“මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, “ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි. මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව; උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ සරණ වන සේක. මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව; මා අත් නොහළ මැනව. මාගේ මවුපිය දෙදෙනා මා අත්හැරියෝ ය; එහෙත්, හිමිතුමාණෝ මා පිළිගන්න සේක.
ගීතාවලිය 27:8-10 New International Version (NIV)
My heart says of you, “Seek his face!” Your face, LORD, I will seek. Do not hide your face from me, do not turn your servant away in anger; you have been my helper. Do not reject me or forsake me, God my Savior. Though my father and mother forsake me, the LORD will receive me.