ගීතාවලිය 27:8-10
ගීතාවලිය 27:8-10 NRSV
“මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, “ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි. මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව; උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ සරණ වන සේක. මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව; මා අත් නොහළ මැනව. මාගේ මවුපිය දෙදෙනා මා අත්හැරියෝ ය; එහෙත්, හිමි තුමාණෝ මා පිළිගන්න සේක.

