ගීතාවලිය 26:6-8
ගීතාවලිය 26:6-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නිර්දෝෂත්වයෙන් මම මගේ දෑත් සෝදාගෙන, අහෝ ස්වාමින්වහන්ස, ඔබේ පූජාසනය පැදකුණු කරන්නෙමි. එසේ කරන්නේ උස් හඬ නගා ඔබට තුති ගී ගයමින්, ඔබගේ සියලු අසිරිමත් ක්‍රියා ගැන පවසමිනි. අහෝ ස්වාමින්වහන්ස, ඔබ වාසය කරන ඔබේ ගෘහයට, ඔබගේ තේජෝ මහිමය වැඩ වසන නිවස්නයට මම ප්‍රේම කරමි.
ගීතාවලිය 26:6-8 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ස්තුති ශබ්දය ඇසෙන්ට සලස්වන පිණිසද, ඔබගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ප්‍රකාශකරන පිණිසද, නිදොස්කමින් මාගේ අත් සෝදා, ඔබගේ පූජාසනය ප්රදක්ෂිණ කරන්නෙමි. ස්වාමිනි, ඔබගේ ගෘහ වාසයටත් ඔබගේ තේජස පිහිටි ස්ථානයටත් ප්‍රේමකරමි.
ගීතාවලිය 26:6-8 Sinhala New Revised Version (NRSV)
නිදොස් බව දැක්වීමට මාගේ අත් සෝදා, සමිඳුනි, ඔබේ පුදසුන පැදකුණු කරන්නෙමි. සමිඳුනි, තුති ගොස පතුරා හරින පිණිසත්, ඔබේ අසිරිමත් ක්‍රියා පසසන පිණිසත් මම එසේ කරමි. සමිඳුනි, ඔබේ වාසභවනයටත්, ඔබ තේජසින් වැජඹෙන මන්දිරයටත් මම ප්‍රේම කරමි.
ගීතාවලිය 26:6-8 Sinhala New Revised Version 2018 (SNRV)