ගීතාවලිය 19:7-9 - Compare All Versions
ගීතාවලිය 19:7-9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පරිපූර්ණ ය; ජීවය යළි පුබුදන්නේ ය. ස්වාමින්වහන්සේගේ පනත් විශ්වසනීය ය. එය අනුවණ ජනතාව ප්‍රඥාවත් කරයි. ස්වාමින්වහන්සේගේ ශික්ෂා සෘජු ය; හදවතට ප්‍රීතිය ගෙන දෙයි. ස්වාමින්වහන්සේගේ ආඥා සුපැහැදිලි ය; නෙතට එළිය ගෙන දෙයි. ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම, පවිත්‍ර ය; සදා පවතින්නේ ය. ස්වාමින්වහන්සේගේ නියමයන්, සත්‍යය ය; මුළුමනින් ම ධර්මිෂ්ඨ ය.
ගීතාවලිය 19:7-9 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. ස්වාමීන්ගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය. ස්වාමීන්ගේ පනත් සාධාරණය, සිත ප්‍රීතිකරවන්නේය. ස්වාමීන්ගේ ආඥාව පවිත්‍රය, ඇස් එළියකරන්නේය. ස්වාමීන් කෙරෙහි භය පිරිසිදුය, සදාකල් පවතින්නේය. ස්වාමීන්ගේ විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය.
ගීතාවලිය 19:7-9 NRSV (Sinhala New Revised Version)
සමිඳුන්ගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය; ජීවිතය පණ ගන්වන්නේ ය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය; අනුවණයන්ට නුවණ දෙන්නේ ය. සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය, සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය; එය සදහට ම පවතින්නේ ය. සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය; මුළුමනින් දැහැමි වේ ම ය.
ගීතාවලිය 19:7-9 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය; ජීවිතය පණ ගන්වන්නේ ය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය; අනුවණයන්ට නුවණ දෙන්නේ ය. සමිඳුන්ගේ අණපනත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය, සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය; එය සදහට ම පවතින්නේ ය. සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය; මුළුමනින් දැහැමි වේ ම ය.
ගීතාවලිය 19:7-9 NIV (New International Version)
The law of the LORD is perfect, refreshing the soul. The statutes of the LORD are trustworthy, making wise the simple. The precepts of the LORD are right, giving joy to the heart. The commands of the LORD are radiant, giving light to the eyes. The fear of the LORD is pure, enduring forever. The decrees of the LORD are firm, and all of them are righteous.