ගීතාවලිය 19:7-9
ගීතාවලිය 19:7-9 SCV
ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පරිපූර්ණ ය; ජීවය යළි පුබුදන්නේ ය. ස්වාමින්වහන්සේගේ පනත් විශ්වසනීය ය. එය අනුවණ ජනතාව ප්‍රඥාවත් කරයි. ස්වාමින්වහන්සේගේ ශික්ෂා සෘජු ය; හදවතට ප්‍රීතිය ගෙන දෙයි. ස්වාමින්වහන්සේගේ ආඥා සුපැහැදිලි ය; නෙතට එළිය ගෙන දෙයි. ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම, පවිත්‍ර ය; සදා පවතින්නේ ය. ස්වාමින්වහන්සේගේ නියමයන්, සත්‍යය ය; මුළුමනින් ම ධර්මිෂ්ඨ ය.




