ගීතාවලිය 146:6-10 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගීතාවලිය 146:6-10 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූසේක; උන්වහන්සේ සදාකල්ම සත්‍යය පවත්වනසේක. උන්වහන්සේ පීඩා විඳින්නන්ට යුක්තිය ඉෂ්ටකරනසේක; උන්වහන්සේ බඩගිනිවූවන්ට කෑම දෙනසේක. ස්වාමීන්වහන්සේ හිරකාරයන් මුදනසේක. ස්වාමීන්වහන්සේ අන්ධයන්ගේ ඇස් පහදනසේක; ස්වාමීන්වහන්සේ නැමී ගියවුන් කෙළින් සිටුවනසේක; ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට ප්‍රේමකරනසේක; ස්වාමීන්වහන්සේ විදේශීන් ආරක්ෂා කරනසේක; පියානැත්තා හා වැන්දඹුවට උන්වහන්සේ උපකාරකරනසේක; නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය වියවුල් කරනසේක. එම්බා සියොන් නගරය, ස්වාමීන්වහන්සේ, එනම් නුඹේ දෙවියන්වහන්සේ, සදාකාලේටද සියලු පරම්පරා දක්වාද රජකම්කරනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

බෙදාගන්න
ගීතාවලිය 146 SROV

ගීතාවලිය 146:6-10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අහස ද පොළොව ද මුහුද ද එහි ඇති සියල්ල ද සෑදුවේත්, ඇදහිල්ල සදහට පවත්වන්නේත්, පීඩිතයින්ට යුක්තිය ඉෂ්ට කර දෙන්නේත්, සාගිනිවූවනට අහර සපයා දෙන්නේත් උන්වහන්සේ ය. ස්වාමින්වහන්සේ සිරකරුවන් නිදහස් කරන සේක. ස්වාමින්වහන්සේ අන්ධයින්ගේ ඇස් විවර කරන සේක. ස්වාමින්වහන්සේ පහතට නැමුණවුන් නගා සිටුවන සේක; ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨයනට ප්‍රේම කරන සේක. ස්වාමින්වහන්සේ ආගන්තුකයන් රැක බලාගන්නා සේක. උන්වහන්සේ වැන්දඹුවන් හා පියා නැති අනාථයින් උසුලා දරන සේක; එහෙත් උන්වහන්සේ දුෂ්ටයන්ගේ මාර්ග නැති-භංග කරන සේක. එම්බා සියොන, ස්වාමින්වහන්සේ, ඔබේ දෙවියන්වහන්සේ සියලු පරම්පරා දක්වා සදහට ම රජකම් කරන සේක.

බෙදාගන්න
ගීතාවලිය 146 SCV

ගීතාවලිය 146:6-10 NRSV (Sinhala New Revised Version)

එතුමාණෝ අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ සේක. එතුමාණෝ සදාකල් ම විශ්වාසී ව සිටින සේක. සමිඳාණෝ පීඩා විඳින්නන්ට යුක්තිය ඉටු කර දෙන සේක; සාගිනි වූවන්ට ආහාර දෙන සේක; එතුමාණෝ සිරකරුවන් මුදන සේක; අන්ධයන්ගේ ඇස් පහදන සේක; වැටී ගියවුන් නඟා සිටුවන සේක; සමිඳාණෝ දමිටුන්ට ප්‍රේම කරන සේක. විදේශීන් ආරක්ෂා කරන සේක; අනාථයන්ට හා වැන්දඹුවන්ට උපකාර කරන සේක; එහෙත්, දුදනාගේ යෝජනා සුන් කරන සේක. සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක. එම්බා සියොන් නගරය! ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

බෙදාගන්න
ගීතාවලිය 146 NRSV

ගීතාවලිය 146:6-10 SNRV (Sinhala New Revised Version 2018)

එතුමාණෝ අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ සේක. එතුමාණෝ සදාකල් ම විශ්වාසී ව සිටින සේක. සමිඳාණෝ පීඩා විඳින්නන්ට යුක්තිය ඉටු කර දෙන සේක; සාගිනි වූවන්ට ආහාර දෙන සේක; එතුමාණෝ සිරකරුවන් මුදන සේක; අන්ධයන්ගේ ඇස් පහදන සේක; වැටී ගියවුන් නඟා සිටුවන සේක; සමිඳාණෝ දමිටුන්ට ප්‍රේම කරන සේක. විදේශීන් ආරක්ෂා කරන සේක; අනාථයන්ට හා වැන්දඹුවන්ට උපකාර කරන සේක; එහෙත්, දුදනාගේ යෝජනා සුන් කරන සේක. සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක. එම්බා සියොන් නගරය! ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

බෙදාගන්න
ගීතාවලිය 146 SNRV

ගීතාවලිය 146:6-10 NIV (New International Version)

He is the Maker of heaven and earth, the sea, and everything in them— he remains faithful forever. He upholds the cause of the oppressed and gives food to the hungry. The LORD sets prisoners free, the LORD gives sight to the blind, the LORD lifts up those who are bowed down, the LORD loves the righteous. The LORD watches over the foreigner and sustains the fatherless and the widow, but he frustrates the ways of the wicked. The LORD reigns forever, your God, O Zion, for all generations.

බෙදාගන්න
ගීතාවලිය 146 NIV