ගීතාවලිය 146:6-10
ගීතාවලිය 146:6-10 SCV
අහස ද පොළොව ද මුහුද ද එහි ඇති සියල්ල ද සෑදුවේත්, ඇදහිල්ල සදහට පවත්වන්නේත්, පීඩිතයින්ට යුක්තිය ඉෂ්ට කර දෙන්නේත්, සාගිනිවූවනට අහර සපයා දෙන්නේත් උන්වහන්සේ ය. ස්වාමින්වහන්සේ සිරකරුවන් නිදහස් කරන සේක. ස්වාමින්වහන්සේ අන්ධයින්ගේ ඇස් විවර කරන සේක. ස්වාමින්වහන්සේ පහතට නැමුණවුන් නගා සිටුවන සේක; ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨයනට ප්‍රේම කරන සේක. ස්වාමින්වහන්සේ ආගන්තුකයන් රැක බලාගන්නා සේක. උන්වහන්සේ වැන්දඹුවන් හා පියා නැති අනාථයින් උසුලා දරන සේක; එහෙත් උන්වහන්සේ දුෂ්ටයන්ගේ මාර්ග නැති-භංග කරන සේක. එම්බා සියොන, ස්වාමින්වහන්සේ, ඔබේ දෙවියන්වහන්සේ සියලු පරම්පරා දක්වා සදහට ම රජකම් කරන සේක.

