ගීතාවලිය 145:3-9

ගීතාවලිය 145:3-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ උත්තම ය; උසස් ම ප්‍රශංසාව ලැබිය යුත්තාණෝ ය; උන්වහන්සේගේ උත්තම භාවය සොයා දැනගත නො හැකි ය. එක් පරම්පරාවක් ඊළඟ පරම්පරාවට ඔබ කළ දෑ වර්ණනා කරනු ඇත; ඔබගේ පරාක්‍රමවත් ක්‍රියා ගැන ඔවුන් ප්‍රකාශ කරනු ඇත. ඔබගේ රාජත්වයේ තේජවත් ශෝභාශ්‍රීය මත, ඔබගේ ආශ්චර්යවත් ක්‍රියා මත මම භාවනා කරන්නෙමි. ඔබගේ බියජනක ක්‍රියාවල බලය ගැන ඔවුන් පවසනු ඇත; මම ඔබගේ උත්තම ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. ඔබගේ අධික යහගුණයේ කීර්තිය ඔවුහු තව තව පතුරුවති, ඔබගේ ධර්මිෂ්ඨත්වය හඬ නගා ගායනා කරති. ස්වාමින්වහන්සේ දයාන්විත ය, අනුකම්පා සහගත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අනූන ය. ස්වාමින්වහන්සේ හැම දෙනාට ම යහපත් ය; උන්වහන්සේගේ දයාව, උන්වහන්සේ නිම වූ සියල්ලන්ට ම ය.

ගීතාවලිය 145:3-9 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය; උන්වහන්සේගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය. එක් පරම්පරාවක් තවත් පරම්පරාවකට ඔබගේ කර්මාන්ත වර්ණනාකරමින්, ඔබගේ බලවත් ක්‍රියා ප්‍රකාශකරන්නේය. මම ඔබගේ ගෞරවයේ තේජෝමහිමයත් ඔබගේ පුදුම ක්‍රියාත් මෙනෙහිකරන්නෙමි. මනුෂ්‍යයෝ ඔබගේ භයානක ක්‍රියා බලය ගැන කථාකරන්නෝය; මමද ඔබගේ උතුම්කම ප්‍රශංසාකරන්නෙමි. ඔව්හු ඔබගේ මහත් යහපත්කමේ සිහිවීම ප්‍රකාශකරමින්, ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ගී කියන්නෝය. ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය; උදහස්වීමට ප්‍රමාදය, මහත් කරුණාවෙන් යුක්තය. ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.

ගීතාවලිය 145:3-9 Sinhala New Revised Version (NRSV)

සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය. එතුමන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය. පරපුරෙන් පරපුරට ජනතාවෝ ඔබේ ක්‍රියා වර්ණනා කරති; ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති. මම ඔබේ රජ සිරි තෙද මහිමයත්, ඔබේ අරුමපුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි. දනෝ ඔබේ විස්මයජනක ක්‍රියා ගැන කතා කරන්නෝ ය; මම ඔබේ උතුම්කම පවසන්නෙමි. ඔව්හු ඔබේ මහා යහපත්කමේ පුවත ප්‍රකාශ කරති; ඔබේ දැහැමිකම ගැන ගී ගයති. සමිඳාණෝ දයාවන්ත ය. අනුකම්පාවෙන් පූර්ණ ය; වහා නොකිපෙන සුලු ය; තිරසර පෙමින් යුතු ය. සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි.

ගීතාවලිය 145:3-9 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය. එතුමාණන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය. පරපුරෙන් පරපුරට ජනතාවෝ ඔබේ ක්‍රියා වර්ණනා කරති; ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති. මම ඔබේ රජ සිරි තෙද මහිමයත්, ඔබේ අරුමපුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි. දනෝ ඔබේ විස්මයජනක ක්‍රියා ගැන කතා කරන්නෝ ය; මම ඔබේ උතුම්කම පවසන්නෙමි. ඔව්හු ඔබේ මහා යහපත්කමේ පුවත ප්‍රකාශ කරති; ඔබේ දැහැමිකම ගැන ගී ගයති. සමිඳාණෝ දයාවන්ත ය. අනුකම්පාවෙන් පූර්ණ ය; වහා නොකිපෙන සුලු ය; තිරසර පෙමින් යුතු ය. සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමාණන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි.