ගීතාවලිය 145:13-19 - Compare All Versions
ගීතාවලිය 145:13-19 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔබගේ රාජ්‍යය සදාතනික රාජ්‍යයකි; ඔබගේ ආධිපත්‍යය සියලු පරම්පරා දක්වා පවතී. ස්වකීය හැම වචනයකට ම විශ්වසනීය වූ ස්වාමින්වහන්සේ තමාගේ සියලු වැඩවලට විශ්වාසවන්ත ය. ස්වාමින්වහන්සේ වැටෙන සියල්ලන් උසුලන සේක; යටත් කරනු ලැබූ සියල්ලන් ඔසවන සේක. සියල්ලන්ගේ ඇස් ඔබ දෙස බලා සිටී; නිසි වෙලාවට ඔබ ඔවුන්ගේ අහර සපයා දෙන සේක. ඔබ නො මසුරු ව දෑත විදහා ජීවත් වන හැමගේ මනදොළ සපුරාලන සේක. ස්වකීය හැම මාර්ගයක ම ස්වාමින්වහන්සේ, ධර්මිෂ්ඨ ය. තමන් සෑදූ සියල්ලට ම විශ්වාසවන්ත ය. තමන්වහන්සේට යාච්ඤා කරන සියල්ලනට සැබෑවට තමන්වහන්සේට යාච්ඤා කරන සියල්ලනට ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක. තමන්වහන්සේට භය පක්ෂපාත ඇත්තන්ගේ සිත්හි ආශාව ඉටු කර දෙන උන්වහන්සේ, ඔවුන්ගේ මොර ගැසීම අසා ඔවුන් ගලවන සේක.
ගීතාවලිය 145:13-19 SROV (Sinhala Revised Old Version)
ඔබගේ රාජ්‍යය සදාකාලික රාජ්‍යයක්ය, ඔබගේ අධිපතිකමද සියලු පරම්පරාවලම පවත්නේය. ස්වාමීන්වහන්සේ වැටෙන සියල්ලන්ට ආධාරසේක, නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවනසේක. සියල්ලන්ගේ ඇස් ඔබ දෙස යොමුකර තිබේ; ඔබද සුදුසු කාලයේ ඔවුන්ට කෑම දෙනසේක. ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක. ස්වාමීන්වහන්සේ ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය. ස්වාමීන්වහන්සේ තමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක. උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ටකරදෙන සේක; ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගළවනසේක.
ගීතාවලිය 145:13-19 NRSV (Sinhala New Revised Version)
ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක. වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක. නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක. සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ. ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක. ඔබ සිය හස්තය විදහා පාන සේක; ජීවමාන සියල්ලන්ගේ ආසාවන් සපුරාලන සේක. සමිඳාණෝ සැම අතින් ම සාධාරණ ය, එතුමන්ගේ සියලු ක්‍රියා දයාන්විත ය. අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක. අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක. තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ගේ පැතුම් එතුමාණෝ ඉටු කරන සේක. ඔවුන්ගේ මොරගැසීම් අසා ඔවුන් ගළවන සේක.
ගීතාවලිය 145:13-19 SNRV (Sinhala New Revised Version 2018)
ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය. සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක. වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක. නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක. සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ. ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක. ඔබ සිය හස්තය විදහා පාන සේක; ජීවමාන සියල්ලන්ගේ ආසාවන් සපුරාලන සේක. සමිඳාණෝ සැම අතින් ම සාධාරණ ය, එතුමාණන්ගේ සියලු ක්‍රියා දයාන්විත ය. අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක. අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක. තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ගේ පැතුම් එතුමාණෝ ඉටු කරන සේක. ඔවුන්ගේ මොරගැසීම් අසා ඔවුන් ගළවන සේක.
ගීතාවලිය 145:13-19 NIV (New International Version)
Your kingdom is an everlasting kingdom, and your dominion endures through all generations. The LORD is trustworthy in all he promises and faithful in all he does. The LORD upholds all who fall and lifts up all who are bowed down. The eyes of all look to you, and you give them their food at the proper time. You open your hand and satisfy the desires of every living thing. The LORD is righteous in all his ways and faithful in all he does. The LORD is near to all who call on him, to all who call on him in truth. He fulfills the desires of those who fear him; he hears their cry and saves them.