ගීතාවලිය 145:13-16 - Compare All Versions

ගීතාවලිය 145:13-16 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබගේ රාජ්‍යය සදාතනික රාජ්‍යයකි; ඔබගේ ආධිපත්‍යය සියලු පරම්පරා දක්වා පවතී. ස්වකීය හැම වචනයකට ම විශ්වසනීය වූ ස්වාමින්වහන්සේ තමාගේ සියලු වැඩවලට විශ්වාසවන්ත ය. ස්වාමින්වහන්සේ වැටෙන සියල්ලන් උසුලන සේක; යටත් කරනු ලැබූ සියල්ලන් ඔසවන සේක. සියල්ලන්ගේ ඇස් ඔබ දෙස බලා සිටී; නිසි වෙලාවට ඔබ ඔවුන්ගේ අහර සපයා දෙන සේක. ඔබ නො මසුරු ව දෑත විදහා ජීවත් වන හැමගේ මනදොළ සපුරාලන සේක.

බෙදාගන්න
ගීතාවලිය 145 SCV

ගීතාවලිය 145:13-16 SROV (Sinhala Revised Old Version)

ඔබගේ රාජ්‍යය සදාකාලික රාජ්‍යයක්ය, ඔබගේ අධිපතිකමද සියලු පරම්පරාවලම පවත්නේය. ස්වාමීන්වහන්සේ වැටෙන සියල්ලන්ට ආධාරසේක, නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවනසේක. සියල්ලන්ගේ ඇස් ඔබ දෙස යොමුකර තිබේ; ඔබද සුදුසු කාලයේ ඔවුන්ට කෑම දෙනසේක. ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක.

බෙදාගන්න
ගීතාවලිය 145 SROV

ගීතාවලිය 145:13-16 NRSV (Sinhala New Revised Version)

ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක. වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක. නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක. සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ. ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක. ඔබ සිය හස්තය විදහා පාන සේක; ජීවමාන සියල්ලන්ගේ ආසාවන් සපුරාලන සේක.

බෙදාගන්න
ගීතාවලිය 145 NRSV

ගීතාවලිය 145:13-16 SNRV (Sinhala New Revised Version 2018)

ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය. සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක. වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක. නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක. සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ. ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක. ඔබ සිය හස්තය විදහා පාන සේක; ජීවමාන සියල්ලන්ගේ ආසාවන් සපුරාලන සේක.

බෙදාගන්න
ගීතාවලිය 145 SNRV

ගීතාවලිය 145:13-16 NIV (New International Version)

Your kingdom is an everlasting kingdom, and your dominion endures through all generations. The LORD is trustworthy in all he promises and faithful in all he does. The LORD upholds all who fall and lifts up all who are bowed down. The eyes of all look to you, and you give them their food at the proper time. You open your hand and satisfy the desires of every living thing.

බෙදාගන්න
ගීතාවලිය 145 NIV