ගීතාවලිය 145:1-3
ගීතාවලිය 145:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඔබ උසස් කරමි. මගේ රජ්ජුරුවන් වන දෙවියන්වහන්ස, සදහට ම, සදාතනික ව ඔබගේ නාමය පසසන්නෙමි. හැම දවසක මම ඔබ පසසමි; සදහට ම, සදාතනික ව ඔබගේ නාමය වර්ණනා කරමි. ස්වාමින්වහන්සේ උත්තම ය; උසස් ම ප්රශංසාව ලැබිය යුත්තාණෝ ය; උන්වහන්සේගේ උත්තම භාවය සොයා දැනගත නො හැකි ය.
බෙදාගන්න
ගීතාවලිය 145 කියවන්නගීතාවලිය 145:1-3 Sinhala Revised Old Version (SROV)
මාගේ දෙවිවූ රජ්ජුරුවන්වහන්ස, ඔබ උසස්කරන්නෙමි; ඔබගේ නාමයට සදාකාලේටම ප්රශංසාකරන්නෙමි. සෑමදාම ඔබට ප්රශංසාකරන්නෙමි; සදාකාලේටම ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි. ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්රශංසා ලැබිය යුතුය; උන්වහන්සේගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය.
බෙදාගන්න
ගීතාවලිය 145 කියවන්නගීතාවලිය 145:1-3 Sinhala New Revised Version (NRSV)
මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි. සැම දා ඔබට තුති පුදමි; සදාකල් ඔබ නම පසසමි. සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය. එතුමන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය.
බෙදාගන්න
ගීතාවලිය 145 කියවන්න