ගීතාවලිය 142:1-3
ගීතාවලිය 142:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ කටහඬින් මම ස්වාමින්වහන්සේට මොර ගසමි; මගේ කටහඬින් මම ස්වාමින්වහන්සේට කන්නලව් කරමි. මගේ දුක්-ගැනවිල්ල මම උන්වහන්සේ ඉදිරියේ වගුරුවමි; මගේ කරදර මම උන්වහන්සේ ඉදිරියේ පවසමි. මගේ ආත්මය මා තුළ මැලවී, මා අධෛර්යට පත් වූ කල, මගේ මාර්ගය දන්නේ ඔබ ය. මා ගමන් ගන්නා මාවතෙහි මිනිස්සු රහසේ මට උගුලක් ඇටවූහ.
ගීතාවලිය 142:1-3 Sinhala Revised Old Version (SROV)
මාගේ ශබ්දය නගා ස්වාමීන්ට මොරගසමි; ස්වාමීන්ට මාගේ ශබ්දය නගා කන්නලව් කරමි. මාගේ විලාපය උන්වහන්සේ ඉදිරියෙහි වගුරුවමි; උන්වහන්සේ ඉදිරියෙහි මාගේ දුක පෙන්වා සිටිමි. මාගේ ආත්මය මා තුළ ක්ලාන්තවූ කල ඔබ මාගේ මාවත දැනගත් සේක. මා ගමන්කරන මාර්ගයෙහි ඔව්හු මට මලපතක් සඟවා තැබුවෝය.
ගීතාවලිය 142:1-3 Sinhala New Revised Version (NRSV)
මම හඬ නඟා සමිඳුන්ට මොරගසමි. මම ශබ්ද නඟා සමිඳුන්ට කන්නලව් කරමි; මාගේ දුක් ගැනවිලි එතුමන් ඉදිරියෙහි තබමි. එතුමන් ඉදිරියෙහි මාගේ දුක් කරදර කියා සිටිමි. මාගේ සිත මා තුළ මලානික වූ කල මා යන මඟ ඔබ දන්න සේක. මා යන මඟෙහි ඔව්හු මට මලපතක් තැබුවෝ ය.
ගීතාවලිය 142:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
මම හඬ නඟා සමිඳාණන් වහන්සේට මොරගසමි. මම ශබ්ද නඟා සමිඳුන්ට කන්නලව් කරමි; මාගේ දුක් ගැනවිලි එතුමාණෝ ඉදිරියෙහි තබමි. එතුමාණෝ ඉදිරියෙහි මාගේ දුක් කරදර කියා සිටිමි. මාගේ සිත මා තුළ මලානික වූ කල මා යන මඟ ඔබ දන්න සේක. මා යන මඟෙහි ඔව්හු මට මලපතක් තැබුවෝ ය.
ගීතාවලිය 142:1-3 New International Version (NIV)
I cry aloud to the LORD; I lift up my voice to the LORD for mercy. I pour out before him my complaint; before him I tell my trouble. When my spirit grows faint within me, it is you who watch over my way. In the path where I walk people have hidden a snare for me.