ගීතාවලිය 142:1-3

ගීතාවලිය 142:1-3 SNRV

මම හඬ නඟා සමිඳාණන් වහන්සේට මොරගසමි. මම ශබ්ද නඟා සමිඳුන්ට කන්නලව් කරමි; මාගේ දුක් ගැනවිලි එතුමාණෝ ඉදිරියෙහි තබමි. එතුමාණෝ ඉදිරියෙහි මාගේ දුක් කරදර කියා සිටිමි. මාගේ සිත මා තුළ මලානික වූ කල මා යන මඟ ඔබ දන්න සේක. මා යන මඟෙහි ඔව්හු මට මලපතක් තැබුවෝ ය.