ගීතාවලිය 141:3-5
ගීතාවලිය 141:3-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ කට රැක ගැනීමට මුරකාවල් තැබුව මැනව, අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙතොල් දොරටුව ළඟ රැකවල් තැබේවා. අයුතුකම් කරන මිනිසුන් සමඟ හවුල් වී, දුෂ්ට ක්‍රියාකාරකම්වල නො ගැලෙන පිණිස, නපුර වෙත ඇදෙන්නට මගේ හදවතට ඉඩ නො දුන මැනව; ඔවුන්ගේ රසමසවුළු බුදින්නට ද මට ඉඩ නුදුන මැනව. දමිටු මිනිසකු මට පහර දේවා; එය කාරුණිකත්වයකි. ඔහු මට තරවටු කරත්වා; එය මගේ හිසේ තෙල් ගැල්වීමකි. මගේ හිස එය ප්‍රතික්ෂේප කරනු නැත. එහෙත් මගේ යැදුම කවදත් දුෂ්ටකම් කරන්නන්ට එරෙහිව ය.
ගීතාවලිය 141:3-5 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, මාගේ කටෙහි රැකවලක් තබා, මාගේ තොල් නමැති දොර රක්ෂාකළ මැනව. අයුතුකම්කරන මනුෂ්‍යයන් සමඟ දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස, කිසි නපුරු දෙයකට මාගේ සිත යොමුවෙන්ට නොහළ මැනව; ඔවුන්ගේ මිහිරි දේද අනුභව නොකරෙමේවා. ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා. මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම අතරේදී පවා මාගේ යාච්ඤාව පවතින්නේය.
ගීතාවලිය 141:3-5 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මාගේ කට රැක ගැන්මට පිහිට වුණ මැනව. මාගේ දෙතොල රක්ෂා කළ මැනව. මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. සුදනෙකු මට දඬුවම් දී තරවටු කළත් එය කාරුණික ක්‍රියාවකි. එහෙත්, දුදනන් දෙන ගරු සම්මාන මම ප්‍රිය නොකරමි. මන්ද, මාගේ අයැදුම නිතර ම ඔවුන්ගේ දුෂ්ටකමට විරුද්ධ ව බැවිනි.
ගීතාවලිය 141:3-5 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳුනි, මාගේ කට රැක ගැන්මට පිහිට වුණ මැනව. මාගේ දෙතොල රක්ෂා කළ මැනව. මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. සුදනෙකු මට දඬුවම් දී තරවටු කළත් එය කාරුණික ක්‍රියාවකි. එහෙත්, දුදනන් දෙන ගරු සම්මාන මම ප්‍රිය නොකරමි. මන්ද, මාගේ අයැදුම නිතර ම ඔවුන්ගේ දුෂ්ටකමට විරුද්ධ ව බැවිනි.
ගීතාවලිය 141:3-5 New International Version (NIV)
Set a guard over my mouth, LORD; keep watch over the door of my lips. Do not let my heart be drawn to what is evil so that I take part in wicked deeds along with those who are evildoers; do not let me eat their delicacies. Let a righteous man strike me—that is a kindness; let him rebuke me—that is oil on my head. My head will not refuse it, for my prayer will still be against the deeds of evildoers.