ගීතාවලිය 135:4-13

ගීතාවලිය 135:4-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ, තමන්ට ම යාකොබ් ද තම අගනා වස්තුව ලෙස ඉශ්‍රායෙල් ද තෝරාගත් සේක. ස්වාමින්වහන්සේ ශ්‍රේෂ්ඨ වග, අපගේ ස්වාමින් සියලු දෙවිවරුනට වඩා ශ්‍රේෂ්ඨ වග මම දනිමි. ස්වාමින්වහන්සේ අහස් තුළ ද පොළොව පිට ද සාගර තුළ හා මුළු ගැඹුරේ ද තමන් අබිමත කවරක් වුව කරන සේක. පොළෝ කෙළවරින් වලාකුළු නැගෙන්නට සලස්වන්නේ උන්වහන්සේ ය; වැස්සට පෙර විදුලිය එවන්නේත්, තම ගබඩාවලින් සුළං පිටතට ගෙනෙන්නේත්, උන්වහන්සේ ය. මිනිසුන්ගේ මෙන් ම සතුන්ගේ ද යන වශයෙන් ඊජිප්තුවේ කුලුඳුලන් ගසා හෙළුවේ, උන්වහන්සේ ය. එම්බා ඊජිප්තුව, නුඹ මධ්‍යයේ පාරාවෝටත්, ඔහුගේ සියලු සේවකයින්ටත් එරෙහිව ලකුණු හා පුදුම එවුවේ, උන්වහන්සේ ය. නොයෙකුත් ජාතීන් ගසා හෙළා, බලගතු රජවරුන් මරා දැමුවේ උන්වහන්සේ ය; එනම්, අමෝරිවරුන්ගේ රජු වූ සීහොන් ද බාෂාන්හි රජු වූ ඕග් ද කානාන්හි සියලු රාජ්‍යයන් ද යන වශයෙනි. උන්වහන්සේ, ඔවුන්ගේ දේශය උරුමයක් කොට, උන්වහන්සේගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුනට උරුමයක් කොට දුන් සේක. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නාමය සදහට ම පවතින්නේ ය; ඔබගේ යශෝරාවය, අහෝ ස්වාමින්වහන්ස, සියලු පරම්පරා දක්වා පවතින්නේ ය.

ගීතාවලිය 135:4-13 Sinhala Revised Old Version (SROV)

මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ටම යාකොබ්ද තමන්ගේ විශේෂ වස්තුව කොට ඉශ්‍රායෙල්ද තෝරාගත්සේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් බවත් අපේ ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උසස් බවත් දනිමි. ස්වාමීන්වහන්සේ යමකට කැමතිවූසේක්ද එය අහසෙහිද පොළොවෙහිද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්හිද ඉෂ්ටකළසේක. උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක; වර්ෂාවට විදුලි සාදනසේක; ස්වකීය ගබඩාවලින් හුළඟ නික්මවනසේක. උන්වහන්සේ මිසරයේ මනුෂ්‍යයන්ගෙත් මෘගයන්ගෙත් කුලුඳුලන්ට පහරදුන්සේක. එම්බා මිසරය, නුඹ මැදට, ඵාරාවෝ සහ ඔහුගේ සියලු මෙහෙකරුවන් කෙරෙහි, උන්වහන්සේගේ ලකුණු හා හාස්කම් පැමිණවූසේක. උන්වහන්සේ බොහෝ ජාතීන්ට පහරදී, බලවත් රජුන් නැසූසේක; අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද කානාන්හි සියලු රාජ්‍යයන්ද නසා, ඔවුන්ගේ දේශය උරුමයක් පිණිස, ස්වකීය සෙනඟවූ ඉශ්‍රායෙල්ට උරුමයක් පිණිස, දුන්සේක. ස්වාමිනි, ඔබගේ නාමය සදාකල් පවත්නේය; ස්වාමිනි, ඔබ සිහිකිරීම සියලු පරම්පරා දක්වා වන්නේය.

ගීතාවලිය 135:4-13 Sinhala New Revised Version (NRSV)

සමිඳාණෝ තමන්ට ම ජාකොබ්ගේ පෙළපත ද තමන්ගේ විශේෂ උරුමය කොට ඉශ්රායෙල් සෙනඟ ද තෝරාගත් සේක. සමිඳාණන් අති උතුම් බවත්, වෙනත් සියලු දෙවිවරුන්ට වඩා අපේ සමිඳාණන් උසස් බවත් දනිමි. සමිඳාණෝ, යමක් කරන්නට කැමැති සේක් නම්, අහසෙහි ද පොළොවෙහි ද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්වල ද එය ඉටු කරන සේක. එතුමාණෝ දෙරණ සීමාවෙන් වලාකුළු නංවන සේක; වර්ෂාව සඳහා විදුලිය හටගන්වන සේක; සිය ගබඩාවලින් සුළඟ නික්මවන සේක; එතුමාණෝ මිසර වැසියන්ගේත්, මෘගයන්ගේත් කුලුඳුලන්ට පහර දුන් සේක. එම්බා මිසරය! තී මැදට, පාරාවෝට සහ ඔහුගේ සියලු මෙහෙකරුවන්ට එරෙහි ව එතුමාණෝ අරුමපුදුම දේ හා හාස්කම් පැමිණෙවු සේක. එතුමාණෝ බොහෝ විජාතීන්ට පහර දී, බලවත් රජුන් ඝාතනය කළ සේක. අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද කානාන්හි සියලු රාජ්‍යයන් ද වැනසූ සේක. ඔවුන්ගේ දේශය උරුම කොට, ස්වකීය සෙනඟ වූ ඉශ්රායෙල්ට උරුම කොට දුන් සේක. සමිඳුනි, ඔබේ නාමය සදාකල් පවත්නේ ය. සමිඳුනි, ඔබේ මහිමය සියලු පරම්පරාවන්ට පැතිර යන්නේ ය.

ගීතාවලිය 135:4-13 Sinhala New Revised Version 2018 (SNRV)