ගීතාවලිය 132:11-18
ගීතාවලිය 132:11-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ උන්වහන්සේ ම අවලංගු නො කරන නියත දිවුරුමක් දාවිත්ට ශපථ කළේ මෙලෙසිනි: “ඔබගෙන් පැවත එන, ඔබේ ම පුත්‍රයකු මම ඔබේ සිහසුනේ හිඳුවන්නෙමි; ඔබගේ පුත්‍රයෝ මගේ ගිවිසුම ද මා ඉගැන් වූ මගේ පනත් ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුතුන් සදහට ම ඔබගේ සිංහාසනය දරනු ඇත.” මන්ද ස්වාමින්වහන්සේ සියොන් පුරය තෝරාගත් සේක්, එය ස්වකීය වාසස්ථානය කර ගැනීමට ආශා වූ සේක; “සදහට ම මගේ විවේක ස්ථානය මෙයයි, මම එහි සිහසුන්ගත වන්නෙමි. මන්ද මගේ අභිලාෂය එයයි. මම ඇයට ආහාර බහුලත්වයෙන් ආශිර්වාද කරන්නෙමි; ඇගේ දිළිඳුන් භෝජනයෙන් තෘප්තිමත් කරන්නෙමි. මම ඇගේ පූජකයින්ට ගැලවීමේ සළු පලඳවමි; එහි ශුද්ධවතුන් සැමදා ප්‍රීති ඝෝෂා නගනු ඇත. “මම දාවිත්ට දළු ලන අඟක් එහි සාදන්නෙමි. මගේ අභිෂේක ලත් තැනැත්තාට මම පහනක් සූදානම් කළෙමි. මම ඔහුගේ සතුරන් ලජ්ජාවෙන් හඳවන්නෙමි. එහෙත් ඔහුගේ හිසේ ඔටුන්න දීප්තියෙන් බැබළේ.”
ගීතාවලිය 132:11-18 Sinhala Revised Old Version (SROV)
නුඹේ ශරීර ඵලයෙන් නුඹේ සිංහාසනයෙහි හිඳුවන්නෙමියි කියාද, නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුමද මා ඔවුන්ට උගන්වන ශික්ෂාද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයොත් නුඹේ සිංහාසනය පිට සදාකල් හිඳින්නෝය කියාද, ස්වාමීන්වහන්සේ දාවිත්ට සැබෑ ලෙසින් දිවුළසේක; උන්වහන්සේ එයින් නොහැරෙන සේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් තෝරාගත්සේක; ස්වකීය නිවාසය ලෙස ඊට ආශාවූසේක. මෙය සදාකල්ම මාගේ නිවාඩු ස්ථානයය. මෙහි වසන්නෙමි; මක්නිසාද ඊට ආශාවීමි. සියොනේ ආහාරයට බොහෝසෙයින් ආශීර්වාදකරන්නෙමි. එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි. එහි පූජකයන්ද ගැළවීමෙන් පළඳවන්නෙමි. එහි ශුද්ධවන්තයොත් ප්‍රීතියෙන් ඝෝෂාකරන්නෝය. එහි දාවිත්ගේ අඟ ලියලවන්නෙමි. මාගේ අභිෂේකලත් තැනැත්තාට පහනක් පිළියෙළකෙළෙමි. ඔහුගේ සතුරන් ලජ්ජාවස්ත්‍රයෙන් පළඳවන්නෙමි. නුමුත් ඔහු මත්තේ ඔහුගේ ඔටුන්න ශෝභමාන වන්නේය.
ගීතාවලිය 132:11-18 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක: “නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි. නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,” සමිඳාණෝ සියොන් තෝරාගත් සේක. සිය වාසභවනය ලෙස ඊට කැමැති වූ සේක. මෙය සදාකල් ම මාගේ වාසස්ථානය වේ. මම මෙහි වැඩ වසන්නෙමි; මම ඊට කැමැති වෙමි. සියොන්හි වැසියන්ට ආහාර බහුලත්වයෙන් මම ආසිරි දෙන්නෙමි; එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි. එහි පූජකයන් ගැළවීමේ සළුවෙන් සරසන්නෙමි. එහි සැදැහැවත්හු තුති ගොස කරන්නෝ ය. එහි දාවිත්ගෙන් පැවැතෙන්නෙකු බලවත් රජෙකු කරන්නෙමි. මාගේ අභිෂේක ලත් තැනැත්තාට පහනක් මෙන් දිළෙන්නට සලසන්නෙමි. ඔහුගේ සතුරන් ලජ්ජාවට පත් කරන්නෙමි. එහෙත්, ඔහු මත ඔහුගේ කිරුළ බබළන්නේ ය.
ගීතාවලිය 132:11-18 Sinhala New Revised Version 2018 (SNRV)

ගීතාවලිය 132:11-18 New International Version (NIV)
The LORD swore an oath to David, a sure oath he will not revoke: “One of your own descendants I will place on your throne. If your sons keep my covenant and the statutes I teach them, then their sons will sit on your throne for ever and ever.” For the LORD has chosen Zion, he has desired it for his dwelling, saying, “This is my resting place for ever and ever; here I will sit enthroned, for I have desired it. I will bless her with abundant provisions; her poor I will satisfy with food. I will clothe her priests with salvation, and her faithful people will ever sing for joy. “Here I will make a horn grow for David and set up a lamp for my anointed one. I will clothe his enemies with shame, but his head will be adorned with a radiant crown.”