ගීතාවලිය 132:11-18
ගීතාවලිය 132:11-18 SROV
නුඹේ ශරීර ඵලයෙන් නුඹේ සිංහාසනයෙහි හිඳුවන්නෙමියි කියාද, නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුමද මා ඔවුන්ට උගන්වන ශික්ෂාද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයොත් නුඹේ සිංහාසනය පිට සදාකල් හිඳින්නෝය කියාද, ස්වාමීන්වහන්සේ දාවිත්ට සැබෑ ලෙසින් දිවුළසේක; උන්වහන්සේ එයින් නොහැරෙන සේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් තෝරාගත්සේක; ස්වකීය නිවාසය ලෙස ඊට ආශාවූසේක. මෙය සදාකල්ම මාගේ නිවාඩු ස්ථානයය. මෙහි වසන්නෙමි; මක්නිසාද ඊට ආශාවීමි. සියොනේ ආහාරයට බොහෝසෙයින් ආශීර්වාදකරන්නෙමි. එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි. එහි පූජකයන්ද ගැළවීමෙන් පළඳවන්නෙමි. එහි ශුද්ධවන්තයොත් ප්‍රීතියෙන් ඝෝෂාකරන්නෝය. එහි දාවිත්ගේ අඟ ලියලවන්නෙමි. මාගේ අභිෂේකලත් තැනැත්තාට පහනක් පිළියෙළකෙළෙමි. ඔහුගේ සතුරන් ලජ්ජාවස්ත්‍රයෙන් පළඳවන්නෙමි. නුමුත් ඔහු මත්තේ ඔහුගේ ඔටුන්න ශෝභමාන වන්නේය.

